සූර්යයා ගේ පිහිට පතන සෙනසුනේ විදුලි බුබුළු..
- Ven.Kirulapana Dhammawijaya Thero
- Sep 22, 2023
- 1 min read
පහුගිය කාලය පුරා ම යෝගාවචර භික්ෂුන් වහන්සේ ලා ලෙස අවම විදුලි ධාරිතාවයකින් සෙනසුනේ කටයුතු සිදු කර ගත්ත ද, රුසියාවේ සහ යුක්‍රේනයේ යුද්ධය නිසා ඉහල ගිය අප ගේ විදුලි බිල් නැවත ගෙවන විට සෙනසුනේ ඇති ලයිට් දිහා බලන්නටවත් අපට සිත් නො වීය.
මාර්ගයේ තිබූ ඇතැම් වැඩි විදුලි බුබුළු සෙනසුනේ වාසය කරන අලි ඇතුන් විසින් ඉවත් කරනු ලැබූ විට අප ඒ දෙස බලා සැනසුම් සුසුම් හෙළුවේ ඒ කරදරයෙනුත් අපි නිදහස් කිරීමට අලි ඇතුන් පවා අප දෙස බැලූ කරුණාබර දෑසට කෘතගුණ දක්වමින් ය.
නමුත් එය සැමදා කරන්නට බැරි බවත්, කෙසේ හෝ විදුලි බිල් ගෙවාගත යුතු බවත් අපි කල්පනා කරන කාලය වන විට සූර්යයා ගේ පිහිටෙන් දැල්වෙන විදුලි බුබුළු තාක්ෂණය සෙනසුනට උපයෝගී කර ගන්න අපි කල්පනා කළෙමු.
ඒ සඳහා දායකත්වය ගත් දායක පින්වතුන් ට පින් සිදු වන්නට මේ වන විට සූර්ය පැනලයන් සෙනසුනේ සවි වෙමින් පවති.
එය අවසන් වූ වහාම ඔබට දැක බලා ගැනීමට එහි සේයා රූ කිහිපයක් සහ දායකත්වය ගත් පින්වතුන් ගේ ද නම් අපි මෙතැනින් පල කිරීමට බලාපොරොත්තු වන්නේ රුසියාවට ද, යුක්ක්‍රේනයට ද, අලින්ට ද මතක හිටින පාඩමක් ඉගැන්වීමේ බලාපොරොත්තුවෙන් ය.
එතෙක් ඉවසීමෙන් සිටින්න..