top of page

අලින් ගේ හොඬවැලට වඩා දිග හොරුන් ගේ බඩවැල..

දින කිහිපයකට ඉහත දී ගෙවුණු කාල වකවානුව සුජාත පුත්‍ර භූමියට ගම්වාසී සොරුන් ගෙන් සහ වනවාසී අලි ඇතුන් ගෙන් බොහෝ කරදර ඇතිවුණු කාල පරිච්ඡේදයක් විය.


ගිහි පින්වතුන්ට භාවනා කිරීමට තිබූ කුටි සෙනසුන් ද, ස්වාමීන් වහන්සේලා පැන් පරිභෝග කරන වතුර ටැංකි මෙන් ම දාන ශාලාව සහ තවත් බොහෝ දේවල් වලට හානි සිදු කරන්නට සොරු සහ අලි පහුගිය දින කීපයේ ම තරඟයක යෙදී තිබුණි.


උන් කඩන කඩන සැරේට ඕවා හදන්නට වීම තරමක් වෙහෙසකර කටයුත්තක් නමුත්, ගිහි පින්වතුන් ගේ සහ ස්වාමීන් වහන්සේලා ගේ පරිභෝගය පිණිස ඒවා අළුත්වැඩියා කරන්නට අපට සිදු වී ඇත්තේ ය.


උන් කඩන කඩන සැරේට "අලි කැඩුවෝ" කියා බෙරිහන් දෙන්නටත් අපට නො හැකි නිසා නිෂ්ශබ්ද ව ඒවා ඉවසීම ම අපේ පැවිද්ද වේ ය යන්න අපි මනා ව දැන ගෙන සිටින්නෙමු.


අලින් ගෙන් පාඩමක් ඉගෙන, උන් සමඟ කථා බස් කොට නැවත උන් ගේ හොඬවැලට හසු නො වන තරම් උසකින් ඒවා සකස් කළත්, සොරුන් ගෙන් ඒවා බේරා ගැනීම සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. උන් ගේ බඩවැල් අලින් ගේ හොඬවැල් වලටත් වඩා විශාල විය හැකි බව මට නොයෙක් වර සිතී ඇත්තේ ය.


කෙසේ නමුත්​ මේ වන විට ඒවා ගේ අළුත්වැඩියා කටයුතු සිදු කර ගෙන යන අතර ඔබටත් ඒ සඳහා ශක්ති පමණින් දායක වීමේ හැකියාව ඇත්තේ ය.


සුපුරුදු ගිණුම් අංකය වන,

8006622646

Ven.Kirulapana Dhammawijaya Thero

Commercial Bank

Thambuththegama


යන ගිණුම් අංකයට ඔබ​ ගේ දායකත්වයන් බැර කළ හැකි ය.


ඔබ එසේ දායකත්වයන් බැර කරන්නේ නම්, ඔබ ගේ නම, ඔබ බැර කළ මුදල, සහ දායක වූ හේතුව, මුදල් බැර කළ රිසිට් පත 070 342 10 83 යන අංකයට WhatsApp පණිවිඩයක් මඟින් යොමු කරන්න.


කටයුත්ත සිදු කර ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය එකතු වූ පසු මෙම ව්‍යාපෘතිය තව දුරටත් මෙහි දායකත්වය ලබා ගත නො හැකි පරිදි වැසෙනු ලැබෙනු ඇති අතර, එහි වැඩි විස්තර සහ පුණ්‍යානුමෝදනාවන් Processing හෝ Completed යන මාතෘකා ඔස්සේ දිස්වනු ලැබෙනු ඇත.


අලින් ට සහ හොරුන්ට පාඩම් ඉගැන්වීමට සිතා අලි හෝ හොරු තමන් ගේ නො හැදියාව පාන හැම වතාවේ දී ම බැංකු ගානේ දුවන්නට ඔය පින්වතුන්ලට ඇති කරදරයත් අප විසින් කල්පනා කොට බලා මෙම වෙබ් අඩවිය ඔබ ගේ Credit හෝ Debit කාඩ්පත් භාවිතා කොට ද දායකත්වයන් ලබා ගත හැකි පරිදි දැන් යාවත්කාලීන කොට ඇත්තේ ය.


පහත බොත්තම ඔබා ඒ සඳහා අවකාශ ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.

සෙනසුනට හානි කරපු අලින් ගේ සහ ගම්වාසී සොරුන් ගේ වික්‍රමාන්විතයන්ගෙන් කිහිපයක් ඔබටත් දැක බලා පුදුමයට පත් වීම පිණිස පහතින් තබා ඇත්තෙමු.




3,457 views
bottom of page