top of page

ගහන්න ගහන්න දුවන එකත් මෝඩයා, දුවන්න දුවන්න ගහන එකත් මෝඩයා..

දැන් ස්වාමීන් වහන්සේ ධර්ම විකෘති වලට කතා කරන්නෙ නැත්තෙ ඇයි ?


මේ දවස් වල එක එක දිශාවලින් ගොඩට එන ධර්ම විකෘති තොගය මං නො දකිනවා නෙවෙයි. නමුත් ඉස්සර වගේ ඒවාට පිළිතුරු දෙන්න කාලය නාස්ති කරන්නෙ නැහැ. හේතූ කීපයක් උඩ.


මොකද ඔහොම නෙවෙයි කොහොම කිව්වත් ඔය දුදන සමාජය ඕවාට හැප්පෙන ඔට්ටුවෙන එක මිසක්, කාරණාව යථාකාරයෙන් ගන්න ඔවුන්ට නුවණක් නැහැ.


යම් තැනක ධර්ම පැටලවිල්ලක් තියෙනවානම්, නිසැකවම අපි ඒවාට උත්තර දෙනවා. නමුත් විකෘති දක්ව දක්ව යන්න නම් කාලය නාස්ති නො කරන්නේ, ප්‍රඥාවන්තයො ටික කොහොමත් ඔය මෝඩ විකාර වලින් ගැලවෙන බවත්, මෝඩයාට කොටලා පෙව්වත් ඕක තේරුම් ගන්න වුවමණාවක් නැති බවත් මම ටක්කෙට ම දන්න නිසා.


ඕක ම අනගාරික ධර්මපාලතුමාත් තේරුම් ගත්තා. හැබැයි ගොඩක් කාලෙකට පස්සෙ. සෝම හාමුදුරුවෝ තේරුම් අරගනිමින් තිබ්බේ. නමුත් ඊට කලින් උන්වහන්සේ අපවත් වුණා. ඒ කාලේ Facebook වීරයො නෙවෙයි, මේ මහ පොළවේ පය ගහපු උන්ටත් මේක තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා. දැන් ඉන්න මේ හය හතර නො තේරෙන උන් ගැන කවර කථා ද ?


අපි ඕක කලින් ම තේරුම් ගත්තා. ඒ නිසා දැන් "දුවන්න දුවන්න ගහන එක නවත්තලා තියෙන්නේ.." මොකද කොහොමත් උන් "ගහන්න ගහන්න දුවන නිසා.."


දැන් විවේකීව, සම්පූර්ණ සැනසීමක් විඳගනිමින් ඉන්නවා ☺️


 Author: Ven.Kirulapana Dhammawijaya Thero

Date: 10.01.24

194 views

Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page