top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
-
නිතර අසන ගැටළු වලට පිළිතුරු කිහිපයක්පහත යොමුවෙන් ගොස් බහුතරයක් දෙනා නිතර අසන ගැටළු වලට පිළිතුරු දැන ගන්න - Faq
-
04. වෙනත් දායකත්වයක් ගන්නේ කෙසේ ද ?070 342 10 83 යන අංකයට දුරකථන ඇමතුමක් හෝ Whatsapp හරහා කෙටි පණිවිඩයක් හෝ තබන්න.
-
01. සේනාසනයේ ගිණුම් අංකය කුමක් ද?8006622646 Ven.Kirulapana Dhammawijaya Thero Commercial Bank Thambuththegama මෙම වෙබ් අඩවිය හරහා ම ඔබ ගේ Credit හෝ Debit කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි පරිදි පහසුකම් සකස් කොට ඇත. පහත බොත්තම ඔබා විස්තර බලන්න. Pay By Card
-
07. පොහොය දින දායකත්වය ගන්නේ කෙසේ ද ?සුජාත පුතුන් වහන්සේලා විසින් දැනට වර්ෂ කිහිපයක් පුරා සුජාත පුත්‍ර පින්බිමේ පොහොය වැඩසටහන සිදු කරන අතර, එය ලෝක වාසී සියලූ ම දෙනාට සජීවී ව නැරඹිය හැකි පරිදි සජීවි විකාශයනක් ද සිදු කරයි. 2024 වර්ෂයේ පොහොය සඳහා මාසික දායකත්වය ගැනීමට දැන් ඔබට හැකියාව ඇත. එක් මාසයක පොහොයක් සඳහා යන වියදම මෙසේ ය. පොහොය දිනයේ විකාශය වන ධර්ම දේශනා 08 ක විකාශන දායකත්ව මුදල - රුපියල් 100,000 යි. ස්වාමීන් වහන්සේලා ගේ සහ සිල් ගන්න පින්වතුන් ගේ උදෑසන දාන දායකත්වය - රුපියල් 80,000 යි. ස්වාමීන් වහන්සේලා ගේ සහ සිල් ගන්න පින්වතුන් ගේ දහවල් දාන දායකත්වය - රුපියල් 120,000 යි. සම්පූර්ණ පොහොය ම සඳහා දායකත්වය ගන්නේ නම්, රුපියල් 300,000 යි. දැනට මාස කිහිපයක් භාර ගෙන ඇති අතර, ඉතිරි ව ඇති මාස සඳහා ඔබට දායකත්වය ගැනීමට හැකි ය. අමතන්න - 070 342 10 82 කොටස් පමණක් ඉතිරිව ඇති මාසයන් අප්‍රේල් මාසය - දහවල් දානය ඉතිරිව ඇත අගෝස්තු මාසය - හීල් දානය සහ දහවල් දානය ඔක්තොම්බර් මාසය- හීල් දානය නොවැම්බර් මාසය- දේශනා පරිෂ්කාර සහ දහවල් දානය
-
06. වෙබ් අඩවියේ මාසික සාමාජිකත්වය ගන්නේ කෙසේ ද ?මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑමට හෝ මෙම වෙබ් අඩවියේ ඇති පහසුකම් භාවිතා කිරීම පිණිස හෝ කිසිවෙකුගෙන් කිසිදු මුදලක් අය නො කෙරේ. නමුත් මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑම සහ මෙහි ඇති නොයෙක් පහසුකම් සැලසීමටත් අපට වාර්ෂිකව යම් මුදලක් වියදම් වේ. එනිසා මෙම සාමාජිකත්වයෙන් ලැබෙන සියලූ ම මුදල් ප්‍රමාණයක් වෙන් වන්නේ මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම පිණිස බව දත යුතු ය. එම පහසුකම් මතු මතු වර්ෂ වලට මිල දී ගැනීම පිණිසත්, වෙනත් අත්‍යාවශ්‍ය ශාසනික කටයුතු වලට යොමු කිරීම පිණිසත් ඔබේ මේ මාසික සාමාජිකත්වයෙන් ලැබෙන මුදල් යොමු කරනු ඇත. එමෙන් ම මෙහි සාමාජිකත්වය ගන්නා ඔබ ව අප ගේ පුද්ගලික පණිවිඩ හරහා සියලු වෙනස්වීම් ගැන දැනුවත් කෙරෙනු ලැබෙනු අතර, මාසිකව ඔබේ සාමාජිකත්ව පුණ්‍යානුමෝදනාවන් පළ කිරීම ද මෙම වෙබ් අඩවියේ ම සිදු කෙරෙනු ලැබෙනු ඇත. මෙම වෙබ් අඩවියේ අවශ්‍යතාවය සහ නීති රීති පද්ධති මත මෙහි මුදල් ප්‍රමාණ දැක්වීමට සිදුව ඇත්තේ දැනට එංගලන්තයේ භාවිත වන පවුම් යන මුදල් ඒකකයෙන් බැවින් එහි රුපියලේ අගය ආසන්න වශයෙන් සුළු වෙනස්වීමක් විය හැකි අතර, අප මාසිකව එය පරීක්ෂා කොට බලා නිවැරදි ප්‍රමාණයෙන් පවත්වා ගැනීමට උපරිම උත්සහ කරන්නෙමු. එයින් ඔබට අපහසුතාවයක් සිදු නොවනු ඇත. ඔබේ මාසික සාමාජිකත්වය ඕනෑ ම අවස්ථාවක My Subscriptions යන තැනින් අවලංගු කර ගත හැකි ය. මාසික සාමාජිකත්වය ලබා ගැනීම - Get Membership
-
02. ප්‍රත්‍යය පහසුකම් සඳහා මාසිකව දායක වන්නේ කෙසේ ද?ඔබට පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගේ මාසික ප්‍රත්‍යයන් වෙනුවෙන් සහ වෙනත් ශාසන කටයුතු වෙනුවෙන් මාසික ව දායකත්වයන් ගැනීමට අවස්ථාව ඇත. මෙම පිටුවේ දිස්වන මාසික ප්‍රත්‍යය දායකත්වය යන බොත්තම ඔබා, ඔබ ගේ කාඩ්පත හරහා මාසිකව මෙම මුදල දායක වන ආකාරයට ද, නැතහොත් ඉහත සඳහන් ගිණුම් අංකයට මාසිකව ඔබ කැමති මුදලක් බැර කිරීමෙන් ද ඔබට මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දායක විය හැකි ය. ඔබ එලෙස ගිණුමට මුදල් බැර කරන්නේ නම්, මුදල් බැර කළ රිසිට් පත 070 442 10 83 යන දුරකථන අංකයට WhatsApp කිරීම සිදු කළ යුතු ය. කාඩ්පත් හරහා දායකත්වය ගන්නේ නම්, එලෙස රිසිට් පත් යොමු කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර, එලෙස ගෙවීමේ දී ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංකය නිවැරදිව සටහන් කිරීමට කාරුණික වන්න. එයින් ඔබ ගේ පුණ්‍යානුමෝදනාවන් ඔබ වෙත යොමු කිරීමට අපට පහසු වනු ඇත. ඔබ කැමති අවස්ථාවක කිසිදු පෙර දැනුම් දීමකින් තොර ව ඔබ ගේ Profile එක තුළින් ඔබට මෙය Cancel කර ගැනීමේ හැකියාව පවති. මාසික ප්‍රත්‍යය දායකත්වය
-
05. ධර්ම දේශනාවල දායකත්ව ගන්නේ කෙසේ ද?ඔබට You Tube හරහා විකාශය වන ධර්ම දේශනාවක විකාශන දායකත්වය ගැනීමට ක්‍රම දෙකකට හැකියාව ඇත. 01. මෙම Form එක පුරවා අපට විස්තර එවන්න. - You Tube දේශනාවක් භාර ගැනීම. 02. ඔබේ අවශ්‍යතාවය 070 342 10 83 අංකයට WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.
-
08. සුජාත පුත්‍ර සෙනසුනට දානයක් භාර ගන්නේ කෙසේ ද ?සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන විසි නමකට ආසන්න ස්වාමීන් වහන්සේ ලා විෂයෙහි 2024 වර්ෂයට අදාළව දානයක් භාර ගැනීමට කැමැත්තේ නම්, ඔබ විසින් 070 142 10 83 යන දුරකථන අංකය වෙත ඇමතුමක් ලබා දී ඔබට දානය ගෙන ඒමට දිනයක් වෙන් කර ගත යුතු ය. ඔබට දානය රැගෙන ඒමට මෙන් ම, දානයෙහි වියදම යොමු කිරීමෙන් ද මෙම උතුම් දානමය පින්කමට සම්බන්ධ විය හැකි ය. එය උදෑසන දානය සහ දහවල් දානය වශයෙන් භාර ගත හැකි බව කරුණාවෙන් සලකන්න.
-
03. ධර්ම දාන සඳහා මාසික ව දායක වන්නේ කෙසේ ද?ඔබට පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික සේවාවේ කොටස් කරුවන් බවට පත්ව එම ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්වයන් ගැනීමට දැන් හැකියාව ඇත. මෙම පිටුවේ දිස්වන මාසික ධර්ම දාන දායකත්වය යන බොත්තම ඔබා, ඔබ ගේ කාඩ්පත හරහා මාසිකව මෙම මුදල දායක වන ආකාරයට ද, නැතහොත් ඉහත සඳහන් ගිණුම් අංකයට මාසිකව ඔබ කැමති මුදලක් බැර කිරීමෙන් ද ඔබට මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දායක විය හැකි ය. ඔබ එලෙස ගිණුමට මුදල් බැර කරන්නේ නම්, මුදල් බැර කළ රිසිට් පත 070 442 10 83 යන දුරකථන අංකයට WhatsApp කිරීම සිදු කළ යුතු ය. කාඩ්පත් හරහා දායකත්වය ගන්නේ නම්, එලෙස රිසිට් පත් යොමු කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර, එලෙස ගෙවීමේ දී ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංකය නිවැරදිව සටහන් කිරීමට කාරුණික වන්න. එයින් ඔබ ගේ පුණ්‍යානුමෝදනාවන් ඔබ වෙත යොමු කිරීමට අපට පහසු වනු ඇත. ඔබ කැමති අවස්ථාවක කිසිදු පෙර දැනුම් දීමකින් තොර ව ඔබ ගේ Profile එක තුළින් ඔබට මෙය Cancel කර ගැනීමේ හැකියාව පවති. මාසික ධර්ම දාන දායකත්වය.
-
05. ස්වාමීන් වහන්සේ නමක ගේ දානයක් භාර ගන්නේ කෙසේ ද ?සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා ගේ දානයන් භාර දෙන්නේ වෙන වෙන ම ය. එනම් එක දායකයෙක් වෙත එක් ස්වාමීන් වහන්සේ නමක් මාසයකට එක් දින බැගින් දායකත්වය ගත හැකි ය. එවිට මාසිකව සුළු මුදලක් පමණක් දරා ඔබට ජීවිත කාලය තෙක් ම වූවත් දානය භාර ගත හැකි ය. එසේ භාර ගැනීමට කැමැත්තක් දක්වන පින්වතුන් විසින් මෙම පෝරමය අපට පුරවා එවිය හැකි ය. එවිට අපට ඔබව සම්බන්ධ කරගැනීමට හැකියාව ඇත. - දානය භාර ගැනීම
-
10. භාවනා ගැටලුවක් විසඳා ගැනීමට ලොකු ස්වාමීන් වහන්සේ සමඟ කථා කළ හැකි ද ?අපගේ Whatsapp කණ්ඩායමක් සමඟ එකතු ව, රාත්‍රී 10.00 ට පැවත් වෙන කර්මස්ථාන සාකච්ඡාවට එකතු ව, ලොකු ස්වාමීන් වහන්සේ ගෙන් ඔබේ කර්මස්ථාන ගැටලුව විමසිය හැකි ය.
-
04. භාවනා කණ්ඩායමක් සමඟ Whtsapp හරහා සම්බන්ධ වන්නේ කෙසේ ද ?අපගේ සියලු වැඩසටහන් සහ පණිවිඩ හුවමාරු වන Whatsapp කණ්ඩායමක් සමඟ https://chat.whatsapp.com/IFs4K9blYUFA5u1EE2naKW යන යොමුවෙන් එකතු වන්න.
-
11. ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත් ලබා ගන්නේ කෙසේ ද ?දිවයින පුරා ඇති සරසවි පොත් හලෙන් ද, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ද ඔබට ග්රන්ථ ලබා ගැනීමට හැකියාව ඇත. මෙයට අමතරව ඔබේ නිවසටම පොත් ගෙන්වා ගැනීමට හැකියාව මෙහි ඇත. - Book Store
-
07. නේවාසික හෝ වෙනත් භාවනා වැඩසටහන් පිළිබඳ ව දැන ගත හැක්කේ කෙසේ ද ?මේ සියලු පණිවිඩ අපගේ Whatsapp කණ්ඩායම් වල හුවමාරු කරන බැවින් https://chat.whatsapp.com/IFs4K9blYUFA5u1EE2naKW මේ යොමුව ඔස්සේ කණ්ඩායමකට සම්බන්ධ වී සිටී නම්, පැවැත්වෙන හෝ සංවිධානය වෙන වැඩසටහන් පිළිබඳ ව ඔබට දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත.
-
03. ලොකු ස්වාමීන් වහන්සේ ව ධර්ම දේශනාවකට වඩම්මවා ගන්නේ කෙසේ ද ?මෙම Form එක පුරවා අපට එවන්න - ධර්ම දේශාවකට ආරාධනා කිරීම.
-
06. ලොකු ස්වාමීන් වහන්සේව හමුවිය හැක්කේ කෙසේ ද ?සෑම පෝය දිනයකට ම පෙර දිනයේ දී ඔබට ලොකු ස්වාමීන් වහන්සේ ව තඹුත්තේගම සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ දී හමුවිය හැකි ය. වෙනත් දිනවල දී බොහෝ සෙයින් දිවයිනේ විවිධ පළාත් වල ධර්ම දේශනා වලට වැඩම කරන බැවින්, ඔබේ අවශ්‍යතාවය 070 342 10 83 අංකයට Whatsapp කිරීමෙන් ලොකු ස්වාමීන් වහන්සේ ව දුරකථනය හරහා හෝ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇත.
-
02. You Tube ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ගන්නේ කෙසේ ද ?ඔබට You Tube හරහා විකාශය වන ධර්ම දේශනාවක විකාශන දායකත්වය ගැනීමට ක්‍රම දෙකකට හැකියාව ඇත. 01. මෙම Form එක පුරවා අපට විස්තර එවන්න. - You Tube දේශනාවක් භාර ගැනීම. 02. ඔබේ අවශ්‍යතාවය 070 342 10 83 අංකයට WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.
-
08. සුජාත පුත්‍ර භූමියේ පැවිදි වීමට පුලුවන් ද ?සුජාත පුත්‍ර භූමියේ සියලු ම ආකාරයේ (සිල් මෑණිවරුන් ඇතුළුව) පැවිදි කිරීම් තාවකාලිකව නවත්වා ඇති අතර, නැවත ආරම්භ කරන දිනයක් ගැන තවම තීරණය කොට නැත.
-
09. කිසිම දවසක භාවනාවක් වඩා නැති යෝගාවචරයෙක් භාවනාව ආරම්භ කළ යුත්තේ කෙසේ ද ?මේ ගැන ස්ථීර පිළිතුරක් දීමට අපට හැකියාවක් නැත. ඒ තමන් තෝරාගන්නා භාවනාව යෝගාවචරයාගෙන් යෝගාවචරයාට වෙනස් වන බැවිනි. අපගේ Whatsapp කණ්ඩායමක් සමඟ එකතු ව, රාත්‍රී 10.00 ට පැවැත්වෙන කර්මස්ථාන සාකච්ඡාවට එකතු ව, ලොකු ස්වාමීන් වහන්සේ ගෙන් ඔබට සුදුසු කර්මස්ථානය ගැන විමසිය හැකි ය. එහි දී ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඔබට ගැලපෙන භාවනා කර්මස්ථානයක් ලබා දෙනු ඇත.
-
01. සේනාසනයේ ගිණුම් අංකය කුමක් ද ?8006622646 Ven.Kirulapana Dhammawijaya Thero Commercial Bank Thambuththegama මෙම වෙබ් අඩවිය හරහා ම ඔබ ගේ Credit හෝ Debit කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි පරිදි පහසුකම් සකස් කොට ඇත. පහත බොත්තම ඔබා විස්තර බලන්න. Pay By Card
bottom of page