top of page

05. නියස්ස කර්මය

මේ දඬුවම පළමුව යොමු වූයේ සෙය්‍යසක භික්‍ෂුව වෙත ය. ඊට හේතුව වූයේ ඒ භික්‍ෂුව විසින් නුසුදුසු පරිදි ගිහියන් ඇසුරු කිරීම, අව්‍යක්ත භාවය නිසාම නිතර නිතර ඇවැත් වලට පැමිණීම, පිරිවෙස්, මානත්, අබ්භාන කරවා ගැනීම් වශයෙන් නිතර සංඝයාට කරදර ඇති කිරීම යන කරුණු නිමිති කරගෙන ය. මේ දඬුවමට හසුවන භික්‍ෂුව නැවත ආචාර්යවරයෙක් සමීපයෙහි නිස සමාදන් වී සිටිය යුතු ය. එමෙන්ම අටළොස් වතට අනුගත දිවි පැවතුම් සාදා ගෙන හික්මිය යුතු ය.


යම් භික්‍ෂුවක් තමන්ගේ නො දන්නා කම නිසා හෝ බාල කම නිසා නිතර නිතර ඇවතට පත්ව පිරිවෙස්, මානත්, අබ්භානයන් නිතර කරවාගෙන සංඝයාව වෙහෙසට පත් කරන්නේ නම්, එම භික්‍ෂුවට නැවත නිස සමාදන්ව හික්මෙවයි කියා මේ කර්මය කළ යුතු ය.


පෙර උක්ඛේපනීය කර්මයේ කී සේ ම චෝදනා කරන විට තිබිය යුතු අංග 12න් යුක්ත විය යුතු අතර එසේ නොමැතිනම් එය අධර්ම කර්මයක් බවට පත්වෙයි.


කර්මය සංසිඳුවන වත් 18 මනා සේ පුරත් නම් මේ විනය කර්මය සංසිඳවිය යුතු ය.


මේ කම්මක්ඛන්ධකයේ ම ඇති සියලු වත් වල දඬුවමට යටත් විය යුත්තේ අවම දින පහකුත් සංඝයාගේ කැමැත්ත පරිදි දින දහයකුත් වශයෙනි.


මූලාශ්‍ර - කම්මක්ඛන්ධකය

Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page