මේ ඔබ දකින්නේ සුජාත පුත්‍ර පින් බිමේ කඨින මහා පුණ්‍යොත්සවයට සමගාමී ව සිදු කළ මහා සාංඝික දානමය පින්කමේ මතක සටහන් බිඳක්.
මේ උතුම් පින්කම සුජාත පුත්‍ර පවලේ ආදරණීය අම්මලා, තාත්තලා, අක්කලා, අයියලා වගේ ම ස්වාමීන් වහන්සේලා ත් දායක වෙලා කරපු, වාර්ෂිකව සිදු කරන, දකින බලන, පෙනෙන, සම්බන්ධ වෙන කිසිවෙක් ගේ සිත ්වලින් වූවත් කාලයක් පුරාවට අමතක නො වන, නැවත ඒ දිනය උදාවෙන තුරු ඇඟිලි ගනිමින් සිටිනා අපූරු පින්කමක්.
සාධු සිතකින් හරි අනුමෝදන් වුණූ, උපකාර කළ වගේ ම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දානාරධනාව භාර ගෙන මෙහි වැඩම කළ ස්වාමීන් වහන්සේලාටත් මාගේ කෘතගුණ පූර්වක පුණ්‍යානමෝදනාව සිහිපත් කරනවා.
මේ දානය කියන්නේ ලොව්තුරා බුදු බව පතන මහා බෝසත් වරුන් පවා ස්වකීය පාරමිතා සම්පූර්ණ කරගන්න පළමුව ම සමාදන් වන ධර්මයක්. දානය කියන එක බුදුරජාණන් වහනසේ හඳුන්වන්නේ මගේ ම වංශය කියලා.
බුදුවරුන් බුද්ධත්වය කරා යන ගමනේ ආරම්භක ස්ථා නය ම දානය.
(01 ශ්‍රද්ධාව, (02) දිය යුතු දෙය, (03 ප්‍රතිගාහක සම්පත්තිය කියන තුන ම එකවර හටගන්න තැන පමණක් දිය හැකි මේ දානය නැමැති උතුම් පාරමිතාව තමන් දෙන දානයෙහි මඳක් වත් ලෝභය ඉතිරි කර නො ගෙන දෙනවා කියන එක හැමෝටම කරන්න පුලුවන් පින්කමක් නෙවෙයි.
අපි දුන්නා කියලා හිතලා දීමෙන් ම සතුටු වෙන දුර්ලභ ගණයේ හිත්වලට පමණයි ඒක සිදුකරන්නට පුලුවන්. නැතිව ආපසු නම් කියවාගැනීම, පුණ්‍යානුමෝදනා හෝ වර්ණනා බලාපොරොත්තු වෙන බොහෝ අය දානය කියලා බොහෝ විට මානය වඩා ගැනීමක් විතරයි ලෝකයේ පේන්න තියෙන්නේ.
මේ සියල්ලන්ගෙන් ම ලස්සනට බේරිලා හරි ම ලස්සන දානයකට මඟ පෑදෙන මේ සුජාත පුත්‍ර පවුලේ දානය නිහඬ, කලබල නැති, සුන්දර පිළිවෙල පරිසරයක පිරිනමන්නට ලැබෙන හරිම ලස්සන මොහොතක්..
කර්මය කර්මඵලය අදහාගෙන, ධාර්මිකව ලද ධනය, නිවැරදි ප්‍රතිගාහකයන් වෙත පිරිනමන්නට ලැබීම ඊටත් දුර්ලභ කාරණයක්.
එනිසා සහ සම්බන්ධ වුණු, අනුමෝදන් වුණු, උපකාර කරපු හැමෝටම මට කියන්න තියෙන උපරිම කෘතගුණ දැකවෙන වචනය..
ඔව් ඔබ ඒක දන්නවා.. බොහෝම පින් !
නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්‍ඛිණා
තථාගතෙ වා සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ
‘සිත පැහැදුන කල්හි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයකු වෙත හෝ දෙන දානය අල්ප නොවේ’
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 02.11.2024
