මම පරාදයි.. ඔබ ? දේශනාව හැමෝටම ඉතා වැදගත් දේශනාවක්..
මේ දේශනාව සිද්ධ කළේ ඩුබායි රාජ්‍යයේ පවතින ලංකාරාම විහාරස්ථානයේ..
ගිරිමානන්ද සූත්‍රයේ එන දස සඤ්ඤාවන් අතර ඉතාම දුර්ලභව ඇසෙන සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන් ලෝකය ගැන උකටලී විය යුත්තේ ඇයි ? කියන කාරණාවත්, ඡබ්බිසෝධන සූත්‍රයේ තියෙන විදියට රහතන් වහන්සේගේ පංචස්කන්ධය ගැන ඇති අවබෝධයත් මේ දේශනාවෙදි අපි සාකච්ඡා කරලා තියෙනවා..
ලෝකයේ පවතින සැබෑ පරාජිත බව අපිට පිළිගන්න වෙන බවත්, අනිත්‍ය කියන අපරාජිත ධර්මය ලෝකේ නො වෙනස්ව පවතින බවත් මනාව වටහා ගන්න පුලුවන් වීම සමගම අප්‍රමාදී වීම යන කාරණාවත් තදින් ධාරණය කරගන්න මේ දේශනාව අවසානයේ ඔබට හැකියාව ලැබේවි..
තව විශේෂ කාරණාවක්..
අපේ පරම පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ විසින් සිදු කර ඇති සියලු දේශනා වලට මම එකඟ නොවන බවත්, එසේ ප්‍රතික්ෂේප කරන එක් කරුණක් ගැනත් මේ දේශනාවේ කථා කරන්නට අපට අවස්ථාව යෙදුණා.. ඒකත් ධර්මයට ග ලපලා අහලා බලන්න..
⭕️ https://youtu.be/Z7INPN29bNM
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 11.02.2023
