top of page

බෝධිසත්වවරු ජීවිතාපේක්ෂාව හැර උපවාස කරත්ද ?

බෝධිසත්වවරු පාරමිතා පුරන කාලයේදී කරන කුසල කර්මවල බල නිසා දිව්‍යාදී ආත්මභාවයන්හි අවුරුදු ලක්ෂ ගණන් ගත කළ හැකි ප්‍රතිසන්ධීන් ලබති. දිව්‍යලෝකවල පින්කිරීමට හෝ පාරමිතා පිරීමට අපහසු ය. එහිදී තම නිෂ්ඨාවට සිදුවන ප්‍රමාදය සළකා බෝධිසත්වරු මෙසේ අධිශ්ඨාන කොට උපවාස කරති.


කෙසේදයත්,


බුදුබව ලැබීම පිණිස පාරමිතා පිරීමට මෙයින් චුතව සුදුසු මනුෂ්‍ය තලයේ ඉපදෙම්වා යනුවෙනි. එසේ අධිෂ්ඨාන කොට මාරාන්තික උපවාස වල යෙදෙමින් දිව්‍යභෝජන වර්ජනය කරත්..


මෙය මනුෂ්‍ය ලෝකයේදී කෙසේ අර්ථ ගැනිවිය හැකිද යත්, බෝසත් චින්තනයන් වනාහි සමාන්‍ය පුරුෂයන්ට ගෝචර නොවෙත්. ඒවා මහා පුරුෂ චින්තා ය.. සම්බුද්ධ ශාසණය අභිමුඛෙහි ධ්‍යානාදිය ලබමින් සංඛාරෝපෙක්ඛාඤාණාදිය ස්පර්ශ කරමින් සිටිත්.. නමුත් එපමණකින් පාරමි පිරෙන්නේ නොව, ඇස් හිස් මස් ලේ පවා දන්දිය යුතු ය.. සසර බැඳීමක් සහිතව එන්නන් විෂයෙහි නැවතිය යුතු ය.. එය ඔබ සිතනවාට වඩා පුළුල් විෂයකි.. ජීවිතය පූජා කිරීමට අවස්ථාවක් කල්පනා කරමින් සිටිති.. ඔබ ඒ බව දන්නේ කෙසේද ? එසේ සිතීමටත් බෝසත් බීජයක් තිබිය යුතු ය. ගෞතම බුදු රජාණන් වහන්සේ ස්වකීය බෝසත් කළ පැවිදි වී සිටියදී කුසගින්නේ සිටි කොටියෙක් වෙනුවෙන් ජීවිතය දන් දුන් බව සාහිත්‍යයේ එත්..


ඒ උතුමන් වහන්ස්ලා වනාහී සම්මා සම්බුද්ධ ශාසණය වෙනුවෙන් කැප වී වැඩ කෙරෙත්.. පිළිම තනවා නම් අධිෂ්ඨාන කෙරෙත්.. චෛත්‍ය තනවා අනාගත ධාතු තැන්පත් චෛත්‍යයට පදනම දාගනිත්.. බොහෝ දෙනෙක්ට ධර්මාවබෝධයට පදනම දමත්..එය වනාහී ගැඹුරු විෂයකි.. වචන කිරීමට නො හැක..


එවන් උතුමන් දැක ඔබට සිතෙන අනේක සිතිවිලි උන්වහන්සේලා දශමයක් සිතන්නේ නැත.. කළ යුත්ත පමණක් කරති..


මෙත් සිතිනි..


තෙරුවන් සරණයි...


හිරු නැගී බැසයන තුරාවට දෙසූ දම් පද නිම්නැතී..

රැය පහන් වී යන තුරාවට අකුරු කොට අසුරා නිතී..

දින ගෙවී මතු මතුත් බිහිවන අසරනුන් වෙත මෙත් පිරී..

බෝසතුන් නෙත් නොපියමින් සමිබුදු සිසිල පතුරයි නිතී..


https://youtube.com/playlist?list=PL8QtSVSDYDwH4Lfd74UPwDtQZDd_xj8Iz 


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

bottom of page