අභිවාදන ශීලස්‍ය - නිත්‍යම් වෘද්ධෝපසේවිනාඃ
චත්වාරි තස්‍ය වර්ධන්‍ති - ආයුර්විද්‍යා යශෝ බලම්
- සංස්කෘත
අභිවාදනසීලිස‍්ස - නිච්චං වුඩ්ඪාපචායිනො
චත‍්තාරො ධම‍්මා වඩ්ඩන්ති - ආයු වණ‍්ණො සුඛං බලං
- පාලිය
👉 අර්ථය :
එහි #අභිවාදනසීලිස්ස යනු නිරන්තරයෙන් සිල්වතුන් වැඳීම පිදීමෙහි ඇලුණු යන අර්ථයයි.
#වද්ධාපචායිනො යනු ගිහියා, එදා පැවිදිවූ ළදරු සාමණේර නමටත්,
පැවිද්දා පැවිද්දෙන් හෝ උපසම්පදාවෙන් තමාට වැඩිමල් අයටත්, සේස්සන් ගු ණෙන් වැඩිහිටියන්ටත් වැඳීම් පිදීම් හෝ කරන්නේ නම් යනු යි..
චත්තාරො ධම්මා වඩ්ඪන්ති යනු ආයු වර්ධනය වේ. යම්තාක් කල් ආයු වැඩේ නම් ඒතාක් කල් අනිත් ගුණද වැඩෙයි.
යමෙක් ප්‍රඥාවෙන් ආයුසංවත්තනික කුසලක් කළවිට, විසිපස් වෙනි වියෙහි ඔහුට ජීවිත අනතුරක් ආවත්, යටකී පිනෙන්, අභිවාදනශීලී වන හෙයින් උවදුරු නැතිව ගොස් නියම ආයු ප්‍රමාණයම ජීවත් වෙයි.
රූපශ්‍රීය ආදියද ආයුෂය සමගම වැඩිවෙයි.
#නිගමනය - වැඩිහිටියන්ට වඳින්න බය වෙන්න එපා.. ඔවුන් ගුණ නැත්තෝ නම් ඔබ ව ප්‍රතික්ෂේප කරාවි.. ගුණ ඇත්තෝ නම් අනුකම්පාවෙන් ඉවසාවි.. 🙏
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 09.10.2024
