top of page

බුද්ධ යන වචනයට ඇති තේරුම් හතරක්..

බුද්ධ යන වචනයට තේරුම් හතරක් ඇත.


01. සර්වඥ බුද්ධ

02. පසේ බුද්ධ

03. ක්ෂීණාශ්‍රව බුද්ධ

04. ශ්‍රැත බුද්ධ


යනුවෙනි.


මෙහි සර්වඥ බුද්ධ‍, පසේ බුද්ධ සහ ක්ෂීණාශ්‍රව බුද්ධ යන වචන වල පැහිදිලි අර්ථ ඇත්තේ ය.


ශ්‍රුත බුද්ධ යනු‍, බහුශ්‍රැත වූවෝ ය.


නමුත් කෙලෙස් නැසූ යන අර්ථයෙන් භාවිත කරන විට එහි ශ්‍රැත බුද්ධ යන වචනය භාවිතා කළ නො හැක.


පළමු තුනෙහි පමණක් එය යෙදිය යුතු ය.


නිදසුනක් ලෙස 'මානය පහ කළ බුදුවරු‍, යන මෙම වාක්‍යය අර්ථ ගන්වා ගැනීමේ දී ශ්‍රැත බුද්ධ යන ශීර්ෂය එහි යොදා ගත නො හැකි ය.


මන්ද යත්‍, මානය පහ වන්නේ අරිහත් මාර්ගයෙන් මිසක්‍, බහුශ්‍රැත භාවයෙන් නො වන බැවිනි.


මූලාශ්‍රය - සංයුත්ත නිකාය‍, සගාථ වර්ගය‍, දේවතා සංයුත්තය‍, නළ වර්ගය ‍- අප්පටිවිදිත සූත්‍ර අටුවාව..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 28.02.2024


Designed by Sujatha Puthra Meditation Center

bottom of page