top of page

කසාවත කියන්නේ කසට වත හෙවත් කසට යොදලා දුර්වර්ණ කරගත් වස්ත්‍රයකට..

මේක හොඳ ප්‍රශ්ණයක්..


කෙටියෙන් ම කියනවානම් කසාවත කියන්නේ කසට වත හෙවත් කසට යොදලා දුර්වර්ණ කරගත් වස්ත්‍රයකට. මේක භික්ෂු සංඝයා ගේ පොදු පොරවන වස්ත්‍රය බවට පත් වෙලා තියෙනවා. (ඒත් ඉතින් පාට කීපයකින් ඒකත් තියෙනවා)


නමුත් යම් ධර්මය ඇහිච්ච නැති කෙනෙකුට ඔහු ගේ අශ්‍රැතවත් භාවය නිසා බුද්ධ ශාසනයෙන් තොර ව විමුක්තිය සොයා යෑමේ අදහස ඇත්නම්, (පැවිදි බවින් තොර ව) තාපස වැනි පැවිද්දකට වැදී පිළිවෙත් පිරීමට කැමතී නම් ඔහුටත් කසට පෙවූ වස්ත්‍රයක් භාවිත කළ හැකි යි. ඒකේ දෙකක් නැහැ. හිස මුඩු කරන්නත් පුළුවන්.


නමුත් ඔහු භික්ෂුවත් ලෙස පෙනී නො සිටිය යුතු යි. අන්න ඒක වරදක් වෙනවා. වෙනත් ස්වකීය කැමැත්ත අනුව ඔහු කැමැති ආගමක් අදහගන්න, වස්ත්‍රයක් පොරවගන්න ඔහුට අයිතිය තියෙන්න ඕන. ඒක අපේ රටෙත් නීතියක්. සංඝ ශීර්ෂයෙන් පෙනී සිටීම කිසි සේත් ම නො කළ යුත්තක්..


පෙනී සිටියහොත්, ථ්‍යෙය සංවාසකයෙක් වෙලා කොහොමත් අපාගාමී තමයි වෙන්න වෙන්නේ.


මේ යට අපායේ යනවද කියලා අහලා තියෙන එකට නම් කියන්න තියෙන්නෙ, මිථ්‍යා දෘෂ්ඨිකය ගේ ඉරණම ඉතින් කොහොමත් ඒක කියන වචනය විතරයි.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 29.12.2023


Designed by Sujatha Puthra Meditation Center

bottom of page