top of page
මහණෙනි, මේ ලෝකයෙහි බල අටෙක් වෙති..
මහණෙනි, ළදරුවෝ හැඬීම බලයකොට වසන්නාහ. ස්ත්‍රීවරු ක්‍රෝධය බලයකොට වසන්නාහ. සොරු ආවුධ බලයකොට වසන්නාහ. රජවරු ඓශ්චර්‍ය්‍යය බලයකොට වසන්නාහ.
#අඥානයෝ උසස්ව ඝෝෂා කොට අවඥා කිරීම බලයකොට වසන්නාහ.
පණ්ඩිතයෝ ඉවසීම හෝ යුතු අයුතු පරීක්‍ෂණය බලයකොට වසන්නාහ. ධර්ම ශාස්ත්‍රයන් උගත්තාහු ඒ අනුව නුවණින් මෙනෙහි කිරීම බලයකොට වසන්නාහ. නික්ලේශී උත්තමයෝද, පැවිදි උතුමෝද, ඉවසීම බලයකොට වසන්නාහ.
මහණෙනි, මේ අට බල ධර්ම යෝ වෙත්.
පඨම බල සූත්‍රය..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.07. 2023
bottom of page
