top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
අලඞ්කතො චෙ’පි සමං චරෙය්‍ය
සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං
සො බ්‍රාහ්මණො සො සමණො ස භික්ඛු
වස්ත්‍රාභරණයෙන් සැරැසුණු පුද්ගල ද ඉදින් කායවිෂමතාදියෙන් තොර වැ කායසමාධි සංයමයෙහි යෙදී පවතී ද, රාගාදී කෙලෙසුන් සංහුන් බැවින් ශාන්ත ද, ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුනේ වී ද, චතුර්විධ මාර්‍ග නියමයෙන් නියම කරණ ලද සත්තක්ඛත්තුපරමතා ආදි බව් ඇත්තේ වේ ද, ශාසනබ්‍රහ්මචර්‍ය්‍ය මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තේ වේ ද, සියලු සතුන් කෙරෙහි කායදණ්ඩාදි දණ්ඩ බහා තබා දුරු කොට වෙසේ ද, මෙ බඳු ගුණයුක්ත වූ ඒ රහත් තෙම බාහිත පාප ඇති බැවින් බ්‍රාහ්මණ නමුදු වේ.
සංසිඳුණු පව් ඇති හෙයින් සමණ නමුදු වේ. බුන් කෙලෙස් ඇති බැවින් භික්‍ෂු නමුදු වේ.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 11.04.2023
bottom of page