Sujatha Puthra Meditation Center
Your Membership ID
කර්මයෙන් උත්පත්තියෙන් ඉන්‍ද්‍රියන්ගේ මුහුකිරීමෙන් කෙලෙස් දුරුවීමෙන් යන මේ කාරණයන්ගෙන් ඥාන සම්ප්‍රයුක්ත බව දතයුතුයි.
යමෙක් වනාහි අනුන්ට #ධර්මදේශනා කරයි ද, නිවැරදි #ශිල්පායතන #කර්මාන්තායතන #විද්‍යාස්ථාන හික්මවයි ද, ධර්මකථිකයෙකුට සත්කාර කොට ධර්මය දේශනා කරවයි ද, මත්තෙහි ප්‍රඥාවන් තයෙක් වෙමියි ප්‍රාර්ථනා කොට නානාප්‍රකාර දන් දෙයි ද, මෙබඳු කර්ම නිසා ඔහුට උපදනා කුසලය ඥාන සම්ප්‍රයුක්තව උපදී.
අව්‍යාපාද ලෝකයෙහි උපන්නා වූ ද ඔහුට සැපවත් ධර්මපද කියවෙයි. ‘මහණෙනි, සත්ත්වයාගේ උපත දණ්ඩය (මෝඩය) එසේ නමුදු ඒ සත්ත්වයා වහාම විශේෂභාගී (විශේෂ ඥානයට කොටස්කරුවෙක්) වෙයි.’ යන මේ නයින් උපත නිසා උපදනා කුසලය ඥාන සම්ප්‍රයුක්තව උපදී.
⭕️ හරක්ට පින්තූරයත් (උතුම් දානමය අවස්ථාවක්) මිනිසුන්ට Description එකත් දමා ඇත.. 😊
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 18.12.2022
