top of page

ඒ නිර්වාණය කෙසේ දත යුතු ද යත්..

ඒ නිර්වාණය කෙසේ දත යුතු ද යත්..


අනුපද්‍ර‍ව වශයෙන් නිරුපද්‍ර‍ව වශයෙන් අභයවශයෙන් ක්ෂෙමවශයෙන් ශාන්තවශයෙන් සුවවශයෙන් සැපවශයෙන් ප්‍ර‍ණීතවශයෙන් පවිත්‍ර‍වශයෙන් සිහිල්වශයෙන් දත යුත්තේ ය.


යම් සේ බොහෝ කාෂ්ට රාශියක් කරණ කොට ගෙණ හුණු ව ඇවිලෙන්නා වූ ගින්නෙන් දැවෙන්නා වූ පුරුෂයෙක් තෙම මහත් වූ ව්‍යායාමයකින් එයින් මිදී ගිනි නැති අවකාශස්ථානයකට ගොස් එහි පරමසැපතක් ලබන්නේ වේ ද, එපරිද්දෙන් ම යමෙක් මනා ව පිළිපදිමින් එතෙම යොනිසොමනස්කාරයෙන් පහ කරණ ලද රාගද්වෙෂමොහසංඛ්‍යාත ත්‍රිවිධාග්නිසන්තපාය ඇති පරමසැප වූ නිර්වාණය සිද්ධ කරන්නේ ය.


පුරුෂයා වැලඳ ගත් වහ්නිය යම් සේ ද, එසේ ම රාගාදි ත්‍රිවිධාග්නිය දත යුත්තේ ය. වහ්නියට පැමිණි පුරුෂයා යම් සේ ද එසේ ම මනා කොට පිළිපන්නා වූ යොගාවචර තෙම දත යුත්තේ ය.


නිරග්ගික වූ අවකාශස්ථානය යම් සේ ද, එපරිද්දෙන් නිර්වාණය දත යුත්තේ යි.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 09.09.2022


bottom of page