top of page

බුදු දහම තර්කයට ගෝචර නොවන දහමක්ය. අතක්කාවචර ය..

01 වන ප්‍රශ්ණය -

ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත් වූ සංඝයා වහන්සේලාට ලෙනක් වෙහෙරක් විහාරයක් පුජා කල බවට කිසිම සෙල්ලිපියක් ඉන්දියාවෙන් සොයා ගත නොහැකි වන්නේ ඇයි? හෙළදීපයේ නම් එවැනි බොහෝ සෙල් ලිපි හමුවී ඇත. එහෙම වුනේ කොහොමද?


පිළිතුර -

හෙළ දීපයේ අද ද කුටියක් සඟ සතු කිරීමේදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන බවට බෝඩ් ගසති. නමුත් එකල ජීවත් වූ නැණවත් පිරිස් තැන තැන බෝඩ් ගසන තරම් ලාමක මානසිකත්වයක සිටියා යැයි සිතීම හාස්‍යජනකය. පසුව පහල වූ ධර්මාශෝක වැනි නිරිදුන්ට එම බෝඩ් ගසන්නට වූයේ ඔබ වැනි උම්මත්තකයන් මේ පූජනීය ස්ථාන පාවා දීම වලකා ගැනීමට ය. අදටත් පිඟානක් දන් දී එය පුරාවට නම කොටාගෙන යන හෙළදිව වැසියන්ට කුටියක් සාදා දී ම ඔබට මේ ආශ්චර්යක් වී ඇතිවා සේ ම එදිනත් තිබී ඇති නමුත් ලෙනක් සාදා දී එහි නම කොට යෑම බුද්ධ කාලයේ තිබූ පුරුද්දක් ලෙස නොගත යුතු ය.


02 වන ප්‍රශ්ණය -

ලුම්බිණි සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නොවීම හා එම සෙල්ලිපිය සොයා ගත් Anton Fuhrer වංචාකාරී පුද්ගලයෙක් බව සනාත වී තිබෙන අතර ඔහුගේ කතන්දර අප පිළිගත යුතුද?


පිළිතුර -

Anton Fuhrer කියන කරුණ පිළිගැනීමට ඔබට නොහැක්කේ ඔහු වංචාකාරයෙක් නිසා ය.. නමුත් රාජ්‍ය අධිකරණයකින් වෛද්‍ය වාර්ථා සමග මානසික රෝගියෙකු යැයි හංවඩු ගසා අංගොඩ යැවූ පතිරත්න ආදී පිරිසට ඔබ මල් තිය තියා වඳින්නේ ය. වචනයක් ශබ්ද කරගන්නට කටේ දත් නැත් මීවනපලානේ ආදී නිගණ්ඨයන් චතුපටිසම්භිදාප්‍රාප්ත යැයි කිවූ පමණින් පිළිගන්නේ ය. හුදු හාස්‍යයට කරුණකි.


03 වන ප්‍රශ්ණය -

බුදුන් වහන්සේ ජීවත්වූ කි.පු. 6 වන සියවසෙන් කිසිම පිළිගත් ඓතිහාසික සාක්ෂියක් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි වන්නේ ඇයි?


පිළිතුර -

ඔබ ඇතුලු මේ කියන විද්වතුන් දැනුමින් ඉතා දුප්පත් ය.ඉන්දියානු ඉතිහාසය මැනවින් හැදෑරු පුද්ගලයෙකුට මෙය දැක හිනා පහල වනු ඇත. 6 වන සියවස ගැන සාක්ෂි ඕනෑතරම් ඉන්දියාවෙන් සොයා බලා අධ්‍යනය කළ හැක. අනිත් කරුණ ඉන්දියාවේ ඉතිහාසය ඉන්දියාවෙන් පමණක් සොයන්නට යෑම ලිඳක් තුළ ලෝකය සොයන්නට වෙර දරන ගෙම්බන්ගේ ක්‍රියාවක් වැනි ය. ලෝකය යනු ලිඳ නොවේ.. තරම නොදැන පිම්බෙන මැඩීහු ඒ බව නොදනිත්.. තවත් ඕනෑ තරම් රටවල් වල ඉන්දියානු ඉතිහාසය ගැන මැනවින් සඳහන්ව ඇත. එක් ග්‍රන්ථයක් ලෙස භාරතීය ඉතිහාසය නැමැති ග්‍රන්ථයේ මූල ග්‍රන්ථය ඔබට අධ්‍යනය කළ හැක. එම ග්‍රන්ථය පිළිබඳව ඔබ නොදන්නා බව අප හොඳටම දනිමු. අට්ඨකථාව නොකියවා එය ප්‍රතික්ෂේප කරන අන්ධ බාලයන් මෙන් අන්ධ වේනියේ නොයා ග්‍රන්ථය අවශය නම් අවශ්‍ය පාලි හා සංස්කෘත දැනුමින් පෝෂණය වී අපව හමුවන්න. අප එය ඔබට ලබා දීමට කටයුතු යොදන්නම්..


බුදු දහම තර්කයට ගෝචර නොවන දහමක්ය. අතක්කාවචර ය. නුවණින් විමසා බලා අවබෝධ කර ගන්නවා විනා අල්ලා ඔබා බලා දැක ගත හැකි ධර්මයක් නොව, තථාගත දහම. ඒ බව නම්‍යශීලීව පිළිගනිත්වා.. තෙරුවන් සරණයි. සම්‍යක් දෘෂ්ඨිය පිණිසම වේවා.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 15.06.2018

bottom of page