Sujatha Puthra Meditation Center
Your Membership ID
සන්ධි යනු මාගධී භාෂාවෙන් ( පාලි භාෂාවෙන්) තථාගත ධර්මය අධ්‍යනය කරන්නෙකු විසින් දැනගත යුතුම විශේෂ ව්‍යාකරණයකි. කිතක මෙන් ම මාගධී සන්ධි ද හරිහැටි නොදත්තෙකුට මාගධී භාෂාවෙන් ධර්මය නිසි ලෙස අධ්‍යනය කිරීමට නො හැක. අර්ථය නිසි ලෙස ග්‍රහණය නොවන බැවිනි. නමුත් මාගධී සන්ධි හදාරණ ආධුණික අයෙකුට එහි ඇති විවිධ ප්‍රභේද ආවරණය වන සේ එම ව්‍යාකරණය ඉගෙනීමද මෙකල හැටියට ඉතා දුෂ්කර වී තිබේ. මක් නිසාද යත් විවිධ ග්‍රන්ථ වල විවිධාකාර ලෙස එහි ප්‍රභේද විස්තර විග්‍රහ කර ඇති හෙයිනි.
බාලාවතාරය, රූපසිද්ධියාදි ග්‍රන්ථ තුළින් පුළුල් දැනුමක් ලබාගත හැකි වූවත් එම ග්‍රන්ථ මේ වනවිට බොහෝ සෙයින් අභාවිත තත්වයට පත් වී ඇති බව දක්නට ලැබේ. අපද මාගධිය උගත් කාලයේ ස්වයං අධ්‍යනයකින් එය උගත් නිසාදෝ මෙම ගැටලුවට දැඩි ලෙස මුහුණ පෑවේය. පසුව එකලම සන්ධි පිළිබඳව කෙටියෙන් කෙටියෙන් සටහන් කරගෙන පසු කාලීන ඉගෙන ගන්නා අයෙකුට එය ඉගෙනීමට අපහසු නොවීමට හැකි වන සේ සම්පාදනය කළ කුඩා සටහනක් මෑතකදී අපට නැවත හමුවිය. ධර්මකාමී ඔබටද එයින් ප්‍රයෝජනයක් ඇත්නම් ලබා ගැනීමට හැකිවන සේ එම ග්‍රන්ථය මෙහි තබන්නෙමි. භාෂා ඥාණයෙන් පොහොසත් වී තථාගත ධර්මය තවත් කාලයක් ලොවෙහි බබලවන්නට ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවායි පතමි.
මෙම සටහනින් පාලි සන්ධි ගැන විශාල විස්තර විග්‍රහයක් බලාපොරොත්තු නොවිය යුතු ය. මෙය හුදු අධ්‍යනය කරන්නෙකුට වැදගත් විය හැකි යැයි සිතූ සටහනක් පමණි. මෙකල හැටියට භාෂා ව්‍යාකරණය ඔබට සරල බසින් ඉගෙනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාලාවතාරදීපනී නම් වූ ග්‍රන්ථය ඒ සඳහා ඔබට උපකාර පිණිස පැවතිය හැකි බව සිහිපත් කරන්නෙ ග්‍රන්ථ කතුවර හිමි වරුන්ටද පුණ්‍යානුමෝදනා පූර්වකවය..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 10.05.2018