මගේ ආදරණීය තාත්තා මිය ගොස් අවුරුදු 11 ක් වීම නිමිති කරගෙන ද, මගේ ජන්ම දිනය නිමිති කරගෙන ද උතුම් භික්ෂු සංඝයා වහන්සේලා වහන්සේලා විෂයෙහි උත්කෘෂ්ඨ දානයක් පූජා කර ගතිමි.
තුන් සිත මනා ලෙස සියලු තැන් හි පහදවා, සර්වත්‍ර වර්ෂීව, දානපතිස්ථානයේ පිහිටා පවුලේ සියලු ඥාතීන් ගේ නියෝජනයක් ද, මගේ ආදරණීය අම්මා ද, සහෝදරියන් දෙදෙනා ද සමඟ එකතු වී මේ දානය පූජා කර ගතිමි.
හීල දානය ද, දහවල් දානය ද, සවස ගිලන්පස දානය ද පූජා කරගත් මේ පුණ්‍ය කර්මය සියල්ලෝම අනුමෝදන් වේවායි මෙත් සිතින් ආරාධනා කර සිටින්නෙමු.
මගේ ජන්ම දිනය නිමිත්තෙන් සුභ පැතුම් එක්කල ඔබ සියලු දෙනාටද කෘතගුණ පූර්වකව මා ස්තූතිවන්ත වන අතර ඔබ සියලු දෙනාටම ද මේ පුණ්‍ය කර්මය සියතින් කරගත් එකක් සේ පින් ලැබෙන්නට අනුමෝදන් කරන්නෙමු.
"අප්පමත්තො අයං ගන්‍ධො යායං තගරචන්‍දනී
යො ච සීලවතං ගන්‍ධො වාති දෙවෙසු උත්තමො."
තුවරලා හා සඳුන් පිළිබඳ වූ මානෙල් හා සමන් පිළිබඳ වූ යම් මේ සුවඳක් වේද, මේ සුවඳවලට වඩා සිල්වතුන්ගේ ශීල සුගන්ධය උතුම්ය.
✍ Naveen
Date: 17.03.2025
