👉 මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අභ්‍යන්තරය කියවීම..
මාර්ටින් වික්‍රමසිංහයන් ගේ පොත් පත් වල ඇති අභ්‍යන්තරය හුදු රසාස්වාදයකින් හෝ විචරයකින් පමණක් අවසන් කිරීමට හැක්කක් නොවේ.
ඔහු ලියා ඇති පොත් පත් වල ඇති සංස්කෘතික දැනුම් සම්භාරය, අපගේ අතීත විභූතිය, ගමේ ගොඩ් සිදාදියේ යථාර්ථය ගැන අපට දෙන දැනුම අපව අවංක, සෘජු පමණක් නොව කාරුණික කිරීමටත්, මෘදු කිරීමටත් වක්‍රව උපකාර කරයි.
ඔහු ගේ ලිවීම ගැන ලියන්නට මාගේ ලිවීම මදි ය. ඔහු සවස මුහුදු වෙරළේ ඇවිදින ගමන් දුටු සත්ත්වයන් ගේ හැසිරීම පරික්ෂා කර බලා, ගෙදර වට පිටාවේ සිටින සතුන් ගේ හැසිරීම බලා ඒ ගැන පොත් ලියා ඇත.
කුරා කුහුඹු සත්තු, කුරුමිණි සත්තු, වෙස් මාරුකරන සත්තු, සත්ත්ව ලෝකය යනු එසේ ලියවුණු පොත් කිහිපයක් වේ.
ඒ ලියන අතර ටික්කා වැනි සතුන් තැටියක තබා කරදර කරන ළමයි වෙත 'එසේ ටික්කන්ව තැටියක තබා කරදර කරන නපුරු ළමුන්' වැනි ආම න්ත්‍රණ යොදා ඔවුන්ව අධෛර්මයත් කොට ඇත්තේ ඇඟට නොදැනෙන ලෙස එක් විශේෂණයක් පමණක් යොදා වීම ඔහු ගේ ලිවීමේ කලාවේ මා දුටු අපූරු හැකියාවක් ය.
එමෙන් ම කළුනික සෙවීම වැනි පොත් වල දී වික්‍රමසිංහයන් සතුව තිබූ සංස්කෘතික බුද්ධිය මනාව සමාජයට ප්‍රකට කර ඇත්තේ ය.
කෙසේ නමුත් අද සිට මා ටික කලක් මාර්ටින් වික්‍රමසිංහයන් ගේ සිතිවල වල ජීවත් වනු ඇත..
පොතින් පොතට ලිවිය යුතු විචාරයන් තිබ්බත්, කියවීම ඒ සියල්ලට වඩා උතුම් නිසා වඩාත් උතුම් කර්තව්‍යයට තත්පර වෙමි.
ඔබේ දරුවාට කියවන්න දෙන්න.. කියවීම ඔවුන්ව සම්පූර්ණ කරනු ඇත..
✍ Naveen
Date: 13.03.2025
