top of page

👉 අත්හැරීම අල්ලා ගැනීම් වලට රේඛීය විය යුතුයි..

👉 අත්හැරීම අල්ලා ගැනීම් වලට රේඛීය විය යුතුයි..


ඉන්ද්‍රීය පිරික්සීමකින් තොරව (ඉන්ද්‍රීය පරෝපරියත්ත ඥානයෙන් තොර) සිදු කරන ධර්ම දේශනා බහුතරයක් ඉතා සාර්ථක නොවෙන්නෙ ඒ නිසා..


නමුත් ඒ දේශනා අනුසාරයෙන් වූවත් නෙය්‍ය පුද්ගලයෙක් ලෙස ධර්මය වැඩීමෙන්, භාවිත කිරීමෙන් එහි නිසැක ප්‍රතිපලයක් ලබා ගත හැකිමයි.


එතකොට මොකද්ද මේ අත්හැරීමේ රේඛීය බව..


මේ ගැන කියලා දෙන්න හුඟක් කරුණු දැන් මගේ ඔලුව අස්සෙ වැඩ කරනවා..


ගෞරවණීය ස්වාමින් වහන්සේ නමක් මේ අතහැරීම දකින්නේ අදාළ ස්වාමීන් වහන්සේට රේඛීය දේවල් ගණනාවක් එක්ක..


නමුත් ගිහි ජීවිතයේ ඉන්න කෙනෙක්ට ඒ අත්හැරීම් රේඛීය නොවන්නෙ, තමන් ජීවත් වන කොටස වෙන ම මානයක් නිසා.


ඒකයි අපිට හැමදාම එවැන් දේශනාවක් ඇහුවාම උන්වහන්සේ උතුමෙක් කියලා දැනෙනවා මිසක්, අපිටත් ඒ අතහැරීම කරලා ඒ මට්ටමට යන්න පුලුවන් කියලා දැනෙන ගතිය අඩුවෙන්නෙ.


විශාකාව සෝවාන් වෙලත් අච්චර මුණුබුරු මිණිබිරියො ලැබෙන ගාණට ගිහි ජීවිතය ගත කරේ කොහොම ද ?


ඇයි රහත් වූ ගමන් එදිනම එක්කො මහණ වෙන්න ඕන ? නැත්තන් පිරිනිවෙන්න ඕන ?


ඇයි අනාගාමී වෙනකම්ම එහෙම එකක් නැත්තෙ ?


මේවා ඒ ඒ කෙනාගේ ජීවත් වීමේ මානයන් එක්ක සන්සන්දනාත්මකයි.


මේවා වෙනම තේරුම් ගන්නකම් කිසි කෙනෙක්ට හරි තැන සංස්කාර වල උකටලී වෙන්න බෑ. සංස්කාර වල උකටලී වීම යනු පැත්ත ගහලා ඉන්න එකක් නෙවෙයි.


මේවා වෙනම රහක් තියෙන දේශනා. පුලුවන් කමක් තිබ්බොත් 2025 ඉඳන් තවත් ධර්ම රසය විඳිමු. වෙන මානයක.


ගොඩක් අයට තියෙන්නෙ සංස්කාර ගැන ඥාත පරිඥාවක්. අවම බහුතරයක් තීරණ පරිඥාවක් වත් සම්පූර්ණ කරලා නෑ. කරත් ඒ ඇති කියලා හිතන්න එපා.


සංස්කාර වල නියම උකටලී බව ඇතිවෙන්න පටන් ගන්නෙ ප්‍රහාන පරිඥාව ආරම්භයෙන් පසුව.


අද සමාජයේ ඉන්න කීයෙන් කී⁣ දෙනෙක් මේ තැන් ස්පර්ශ කර අතැයි ඔබ සිතනවා ද ?


✍ කළ්‍යාණ මිත්‍රයා..


Date: 24.12.2024

bottom of page