Sujatha Puthra Meditation Center
Your Membership ID
ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරයේ දී 70 දශකයේ පුරන්ව ගිය සාහිත්‍ය කෙත නැවත අස්වද්දන්නට සඳැස් - නිසදෙස් කාව්‍යය මාධ්‍යය විෂය කොට ගත් සිංහල බසේ මහා ඇඳුරෙකු වන සාහිත්‍යශූරී, පරම පූජනීය කොන්ගස්දෙණියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ව හමු වූ අතර උන්වහන්සේ වෙත සතර සතිපට්ඨාන විවරණ ග්‍රන්ථයක් ලබා දීමට අවස්ථාව උදා විය..

ලෝකයා කෝ. ආනන්ද යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ මහා ඇඳුරන් වහන්සේ සිංහල නවකථාවේ ද, සඳැස් නිසදෙස් වළ ද සිය ආධිපත්‍යය පතුරා එමඟින් ලෝකය හඳුනා ගත් මහා වියත් උතුමන් වහන්සේ නමක් වන්නේ ය..
අනුරාගය, යුක්තිය, සාධාරණත්වය, දෙස - බස සහ දේශීයත්වය විෂය කරගත් උන්වහන්සේ ගේ සාහිත්‍යකරණය විටක පීඩීත මිනිසුන් ගේ සමාජ සාධාරණය වෙනුවෙන් අමෝරා ගත් පනිහිඳක් ද විය..
1978 දී රාජ්‍යය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලත් උන්වහන්සේ විසින් රචිත 'හේ සිද්ධාර්ථ නම් වෙයි' යන කෘතිය උන්වහන්සේගේ විශාරද භාවයට කදිම නිදසුන් ය.
පැපිලියානේ 80 දශකයේ නියමුවාණන් වහන්සේ වූ උන්වහන්සේ ලක්දිවට බොහෝ ආචාර්ය - මහාචාර්යවරුන් දායාද කොට ඇත්තේ ය..
භාෂා සාහිත්‍යය පිළිබඳ කුශාග්‍ර බුද්ධිමතෙකුට තිබිය යුතු ගැඹුරුබව, බරසාර බව මෙන් ම ශාස්ත්‍ර සංයමයෙන් ද හෙබි නායක ස්වාමීන් වහන්සේ භාෂනයේ දී හෝ ලේඛනයේ කී කිසි දාක අරුත් සුන් දෑ නො කියන, නො ලියන උතුමන් වහන්සේ නමක් වන අතර අව්‍යාජ සිනහවකින් නිතර මුව සරසා ගෙන සිටින දුර්ලභ ගණයේකල්‍යාණ මිත්‍රයෙකු වන අතර පොඩි දරුවෙක් ගේ සිතුම් පැතුම් වලට පවා වහා ඒකාත්මික විය හැකි සුන්දර සිතකින් යුතු උතුමන් වහන්සේ නමක් වන්නේ ය..
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 26.11.2024