top of page

අද උන්වහන්සේගේ ගිහි කල සම්මුති ජන්ම දිනය..

උන්වහන්සේ හරි පුදුම කෙනෙක්..


සතෙක් සර්පයෙක් තුවාල වුණත් කැලේ මැද්දේ කොහොම හරි නීග්‍රෝධ ස්වාමීන් වහන්සේ හොයාගෙන යන්නේ උන්ටත් ඒ ඉව දැනෙන නිසා වෙන්න ඕන..


අපිට ඔරවන අලියෙක් ඇතෙක් වුණත් උන්වහන්සේ අතගාණකොට යටහත් පහත්ව යන්නේ උන්ටත් ඒ ඉව දැනෙන නිසා වෙන්න ඕන..


පුංචි කාලේම සසරේ පිනකට වගේ ගිහි ජීවිතෙන් ඉවත්වෙලා මහණකම හොයාගෙන ඉවෙන් වගේ ආවත් දැන් උන්වහන්සේට මහණකම කියන්නේ තමන්ගේ ජීවිතය වෙලා තියෙන්නේ හරි පුදුම විදියට..


මටත් වඩා වේගවත්, මටත් වඩා ධාරණ ශක්තියක් සහ දක්ෂතාවයක් වගේ ම හරි ලස්සට වැඩෙන හිතකුත් උන්වහන්සේට තියෙන්නෙ ඒ හැම ගුණයකම විපාකය විදියට වෙන්න ඕන..


මං ගාවට එද්දි හරියට වචනයක් ලියාගන්න බැරි තරම් පොඩි වුණත් දැන් උන්වහන්සේ යෞවන වියේ පසුවන බොහොම සිල් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්..


අද උන්වහන්සේගේ ගිහි කල සම්මුති ජන්ම දිනය.. උන්වහන්සේව මේ ශාසනය ඇතුලේ ලොකු කලේ හරි ම පරිස්සමෙන්..


දැනමටත් මෝදු වෙමින් පවතින උන්වහන්සේ තව ටික කාලයක් ඇතුළත ම මේ ශාසනයට පායපු තවත් එක වැදගත් හඳක් බවට ඒකාන්තයෙක් පත්වෙයි..


අසත්පුරුෂ බාලයන්ගේ ඇසුරක් සසර පුරා ම කිසි කලකත් නොම ලැබිලා,කල්‍යාණ මිත්‍ර සේවනය නිර්වාණය තෙක් ම ලබන්නත්, ඊට අවශ්‍ය නිදුක් නිරෝගී චීර ජීවනය ලැබෙන්නත් මා කළ සියලූ ම කුසල ධර්ම අපේ නීග්‍රෝධ පොඩි ස්වාමීන් වහන්සේට ඒකාන්තයෙන් ම හේතු පාරමී වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා..


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 20.11.2024

bottom of page