top of page

අම්මට මේ හැම කුසලයක්මත්‍, අපි කරපු කුසල් සියල්ලමත්‍, ඔබ කරපු කුසල් සියල්ලමත් නිවන පිණිස ම හේතු වේවා..

මේ ඉන්නෙ අපි කාගෙත් ආදරණීය තිලංක මල්ලි ගේ අම්මා..


ඇයට ඊයේ ඇති වූ හෘදයාබාදයක් ආසන්න හේතුව වෙලා ජීවිතය නිමා කරන්න වෙලා තියෙනවා.


ඇය මිනිසුන් ප්‍රිය කරන සිතක් තිබ්බ අම්මා කෙනෙක්. තිලංක වගේ පුතෙක් හදලා ඔහුට සංඝයාට උපස්ථාන කරන්න අවකාශ ලබා දීම යන කුසලයම ඇයට විශාල හේතුවත් වෙයි සසර ගමන සුවපත් කරගන්නට..


ඒ වගේ ම මම ලස්සනගම ඉන්නකාලේ ඉඳන් ම ඇය මගෙන් ධර්මය ඉගෙන ගත්ත අම්මා කෙනෙක්. පුතෙක් වගේ මාව ඇසුරු කරපු‍, භාවනා කරපු‍, පවුලෙන් බහුතරයක් ධර්මයේ නිවැරදි ස්පර්ශය තිබ්බ වටපිටාවක පශ්චිම යාමය ගත කරපු අම්මා කෙනෙක්.


විශේෂයෙන්ම තිලංක මල්ලිගේ ආදරණීය අම්මා.


තිලා ගේ හිත කොහොමත් මේකට අකම්පිතයි. තිලා මගෙන් ඇහුවෙත්‍,


"ස්වාමින් වහන්ස ගෙදර ගිහින් එන්න තිබුණොත් හොඳයි වගේ" කියලා..


මම "යන්න" කිව්වා..


එතකොටයි තිලා මට ලිව්වේ "අම්මා මැරිලා කියලා පණිවිඩයක් ආවා" කියලා..


ඉතින් වඩපු හිතක තත්වය ඒකයි..


අම්මට මේ හැම කුසලයක්මත්‍, අපි කරපු කුසල් සියල්ලමත්‍, ඔබ කරපු කුසල් සියල්ලමත් නිවන පිණිස ම හේතු වේවා..


අපිට කරන්න පුලුවන් අවසන් උපකාරක ප්‍රාර්ථනාව එයයි..


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 08.11.2024

bottom of page