top of page

මේ සියල්ල ශාසන වංශයේ අභිවෘද්ධියක් ම වේවා 🙏

අද දින අප අමරපුර සද්ධම්මයුත්තික මාතර මහා නිකායේ මහා සභා රැස්වීම පැවත්වුණු අතර එහි දී අපවත් වී වදාල මහා නායක හිමිපාණන් වහන්සේ වන අවසරයි‍, නාකුළුගමුවේ පේමතිලක මහා නායක ස්වාමින් වහන්සේ ගෙන් හිස් වූ මහා නායක තනතුරට අමරපුර සද්ධම්මයුත්තික මාතර මහා නිකායේ අප පනාමුරේ තිලකවංශ නායක මා හිමිපාණන් වහන්සේ වැනි විශාල කීර්තියක් උසුලන සංඝ පරම්පරාවක් එතෙක් මෙතෙක් බිහි කළ කොග්ගල පාර්ශවයේ දැනට වැඩ සිටින ජ්‍යෙෂ්ඨ ම නායක මා හිමිපාණන් වහන්සේ වන හිරේවත්ත සිරි විජයාරාමාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හෙබ වූ රාජකීය පණ්ඩිත අවසරයි අම්බලන්ගොඩ සුධම්ම නායක මා හිමිපාණන් වහන්සේ මහා නායක ස්වාමින් වහන්සේ ලෙස තේරී පත් විය.


ශ්වේත ඡත්‍ර හෙවත් සුදු කුඩයක් වැනි පිරිසිදු භාවයකින් යුක්ත නිකායක් යැයි අතීතයේ පටන් ගරු සහිතව සැලකෙන‍, කිසිදු දේශපාලන පක්ෂයක වහල් භාවය නො කරන නායක හිමිවරුන් ගණනාවකින් සමන්විත මෙම නිකායට සීලය‍, විනය සහ ධර්මය ගරු කරන මහා නායක හිමිපාණන් වහන්සේ නමක ගේ පත්වීම අනාගත බුද්ධ ශාසනය ඒකාන්තයෙන් සුරක්ෂා කරන පත්වීමක් ම වනු ඇත.


මෙතෙක් එම මහා නායක ධූරයේ වැඩ බැලූ‍, එම වැඩ බලන මහානායක ධූරයේ සිට තමන් ගේ යුතුකම පියෙක් මෙන් කරුණාවෙන් සිදු කළ අපගේ ගරු උපාධ්‍යායන් වහන්සේ වන උයන්වත්තේ සද්ධාරාම නායක මා හිමිපාණන් වහන්සේ නැවත අනුනායක ධූරයට තේරී පත් විය.


මේ සියල්ල ශාසන වංශයේ අභිවෘද්ධියක් ම වේවා 🙏


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 25.08.2024

bottom of page