top of page

ඔබ වහන්සේට එපින් බලයෙන් නිවන් සම්පත් වේවා 🙏

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි හෙවත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවො අපවත් වී වදාළේ ය..


ගමේ රටේ ඕනෑම ලොකු පොඩි කෙනෙක්ට කරදරයක් වී ඔබ වහන්සේ මුණ ගැසුණු විට‍, ඔබ වහන්සේ තරාතිරමක් නො බලා පිහිට වූ බව අප ඉතා ම හොඳින් දන්නෙමු..


පාසල් හිමි නොවූ ළමයි කී දෙනෙක් ඔබ වහන්සේ නිසා අද අධ්‍යාපනය පමණක් ලබනවා ඇති ද ?


අධ්‍යාපනය අහිමි වූ කී දෙනෙක් ඔබ වහන්සේ නිසා වෘත්තිකයන් බවට පත් වී අද රැකියා කරනවා ඇති ද ?


ඉස්සර කොළඹ ලස්සන කරපු ගංගාරාමේ පෙරහැර ඔබ වහන්සේ කොපමණ සිනහ මුසු මුහුණෙන් සිදු කරා ද ?


ඔබ වහන්සේ ගේ ශාසනික කර්තව්‍යයෙන් අප ද ක්‍රමයෙන් සැනසී ඇත.


ඔබ වහන්සේට එපින් බලයෙන් නිවන් සම්පත් වේවා 🙏


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 02.08.2024

Designed by Sujatha Puthra Meditation Center

bottom of page