Sujatha Puthra Meditation Center
Your Membership ID
සඳගිරි සෑ නිර්මාතෘ අපගේ කළ්‍යාණ මිත්‍ර Gangasiripura Dhammaloka ස්වාමින් වහන්සේ ගේ කළ්‍යාණ මිත්‍ර ආරාධනාවකට අනුව හන්තාන පුදබිම දැක බලා වන්දනා කර ගැනීමට එහි වැඩම කළෙමු.
එහි දී අප ගෞරවණීය ලොකු ස්වාමින් වහන්සේ වන අවසරයි, Panamure Thilakawansha නායක ස්වාමින් වහන්සේ, අප ගේ කළ්‍යාණ මිත්‍ර නෙල්ලිගල නායක ස්වාමින් වහන්සේ (Shakya Sinhayo), දීගල පියදස්සි නායක ස්වාමින් වහන්සේ (Deegala Piyadassi Himi), දයානන්ද නායක ස්වාමින් වහන්සේ (Dayananda Himi), එප්පාවල සාගරසුමන සහ සිරිනන්ද නායක ස්වාමින් වහන්සේලා, ඇතුළු කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා රැසක ගේ ඉතා ම සුන්දර හමුවීමක් ද විය.
සංඝයාගේ සෙවණ මහත් වූ සිසිලසක් ය. මහත් වූ රැකවරණයක් ය. මහත් වූ සුවයක් ය.
මේ ශාසනයේ ඒ සුන්දරත්වය කොපමණ ද බව වචන වලින් කීමට මා තවමත් අපොහොසත් නිසා ඒ අවස්ථාවන් විග්‍රහ කිරීම තවමත් මා හට පෙර මෙන් ම දුෂ්කර කරුණක් ය.
එනිසා ඒ හැඟීම වෙනත් සුදුසු වෙලාවක තැබීමට සිතා දැනට සේයා රූ කිහිපයක් පමණක් උපුටා තබමි.
"සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපො සුඛො"
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.07.2024