top of page
"ආයස්මා මෙන්න මේ ජනේලය මම හැදුවේ, මෙතන කර්ටන් එක අයින් කරාම මම හදපු සෑ රජුන් මට පේන්න තියෙන්න"
ඒ අපේ Gangasiripura Dhammaloka ස්වාමින් වහන්සේ හෙවත් ඔබ කවුරුත් දන්න අපේ සඳගිරි මහා සෑ රජුන් වහන්සේගේ නිර්මාතෘ හන්තානේ හාමුදුරුවෝ ඊයේ රෑ මට කියපු වචන ටිකක්..
මට එක තත්පර ගාණක් ඇතුලත උන්වහන්සේ වියපත් වූ පසු මේ ඇඳ මත වැතිර ඉන්නවා සිතින් ආවර්ජනා කරලා බැලුණා..
එදාට උන්වහන්සේ ගේ ගත මොන තරම් දුර්වල වෙලා තිබ්බත්, මේ සෑ රජුන් උන්වහන්සේට දර්ශනය වෙන අන්තිම මොහොත දක්වාම උන්වහන්සේ විඳින නිරාමිස සුවය මනසිකාරය කරපු මට කියවුණේ පුංචි වචන කිහිපයක්..
"ඔබ වහන්සේට තියෙන්නෙ හරි ලස්සන හිතක්"
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.07.2024
bottom of page
