top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
ස්වාර්ථ සාධනයෙහි ලා වසර කිහිපයක් ලෝකයෙන් වෙන් ව හුදකලාවේ ගත කළ ද, සෑම නිමේෂයක ම මා හට පිළිවෙත් පිරීමට අවකාශ ලබා දුන් දායක පිරිස ගැන මට මහත් වූ කෙලෙහි ගුණයක් එකළ සිට ම තිබුණි.
දැන් ඔබට උපකාර කිරීමේ මගේ වාරය එළඹ ඇති අතර එහි තත්පරයක වත් ලතවීමක් මට නැත. ඉතින් එහි උදයක් දවාලක් ගැන තැකීමක් කොහි ද ?
ඔබේ විමුක්තිය සාධනය කර දීම හැර වෙනත් බලාපොරොත්තුවක් ද මට නැත.
මා ඒ වෙනුවෙන් මගේ කාලය දැන් පූර්ණ වශයෙන් වෙන් කොට ඇත.
උදෑසන පටන් රෑ පහන් වනතුරු ම ධර්ම චාරිකාවේ හැසිරෙමින් සිටිමි.
මේ සටහනින් අනතුරුව ද භික්ෂුන් වහන්සේලාට විනය පිටකයේ යම් කොටසක් ඉගැන්වීමට යා යුතු බැවින් වචන වලට කාලය නාස්ති නො කොට ඒ කාර්‍යය සඳහා පිටත් ව යමි..
බොහොම පින් කෘතගුණ දැක්වීම පිළිබඳ ව Nayani අක්කා.. 🙏
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 08.05.2024
bottom of page