top of page
Ravi ආදරණීය සහෝදරයා විසින් පාලිත තෙවරප්පෙරුම මහතා ගේ ගේ අවසන් කැමත්ත දැක, ඒ මළගම නිහඬ කරන්නට තරම් සමත් පද වැල් සහිත මේ තනුවට නැවත පණ දීම ගැන වචන කරන්නට මා සමත් නැත.
එදා මෙයින් මා දුටුවේ පුතෙක් තමන් ගේ ආදරණීය තාත්තා ගැන සිදු කරන සුසුම් හෙලීමක් නමුත්, අද මා ආදරණීය තාත්තෙක් මැරිලත් තමන් ගේ පුතු ගැන හෙලපු සුසුම් වල තිබුණු බරක් මේ වචන වෙනස් වීම් අස්සේ දුටිමි.
රවී.. නැවත ඔබට බොහෝම ස්තූතියි..
වෛරක්කාරී යක්ෂ මනස් පමණක් නිතර ඉස්මතු ව පෙනෙන මේ රට මොන තරම් සුන්දර මිනිසුන් පිරුණු අපූරු රටක් දැයි අපට නැවත දැනෙන්නට ඉඩ සැලස්වූවාට..
අවසානයට මට හිතුනේ මේක අහන්න ඔහු හිටියේ නෑ නේ කියලයි. නමුත් ඒකට කරන්න දෙයක් නෑ. ඒක ධර්මතාවය නිසා.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 19.04.2024
bottom of page
