top of page
පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් භද්දිය ස්වාමීන් වහන්සේ වඩම්මලා සජීවීව බණක් අහන එක. මං දන්නවා ඒක මගේ හීනයක් විතරක් නෙවෙයි, මුළු මහත් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ම හීනයක්..
ඒ හීන සියල්ල සැබෑ කරමින් යෙදුණු මහා ධර්ම යාගයේ මතක අතුරින් කිහිපයක්..
තාත්තට පින් සිදු වේවා !
එක මැසේජ් එකකින් මං වෙනුවෙන්, මගේ තාත්තා වෙනුවෙන් කෘතවේදී ව පැමිණ බණ අහපු හැම දෙනාට ම අප්‍රමාණ පින්..
මං දන්නවා බොහෝ දෙනෙක් මගේ එකම වචනය නිසා මේ පින්කමට ආව බව..
ස්වාමින් වහන්සේ කාර්යබහුල නිසා ලඟටම යන්න ඉඩ නොලැබුණා නම් ඒ ගැන මං වෙනුවෙන් අනුකම්පා කරන්න..
ගෙනාපු පිරිකර ලඟටම ගිහින් පූජා කරගන්න බැරිවුණානම් ඒ ගැනත් අනුකම්පා කරන්න.
කාලය සහ අවකාශය අනුව සියල්ල සිදු කරන්නට සිදු වෙනවා.
නමුත් හැමෝටම අප්‍රමාණ පින්.. හැමදේටම 🙏
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 10.03.2024
bottom of page
