Sujatha Puthra Meditation Center
Your Membership ID
2014 මාර්තු මාසේ 17 වගේ දවසක මම බෞද්ධයා එකට ගියේ තාත්තා නැතිවීම සම්බන්ධයෙන් මගේ හිතේ ඇති වෙච්ච ශෝකය තුනී කරගන්න, දුරු කරගන්න ඔය දවස් ටිකේ ම තාත්තාගේ සොහොන ගාවට වෙලා වත් මට බැරි වෙච්චි නිසා..
එදා සඳුන් කුටිය හදන්න මිනිස්සු එක එක දේවල් පූජා කරනවා. මාත් ඔය විදියටම එතනට ගියාම, "පුතා එහෙනම් අර Studio එකට ගිහින් දැන් කියන බණ එකත් අහලා ම යන්න" කියලා පාර පෙන්නුවේ දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ.
එදා ඒ පෙන්නපු පාර ඉවර වුණේ හරි පුදුමාකාර විදියකට..
ධර්මය ගැන ඉවක් නො තිබ්බ මට, එදා ඒ බණ එක කියපු ස්වාමින් වහන්සේ ගාව ම මහණ වෙලා, අද වෙනකම් එන්න ලැබිච්ච මේ ගමනේ දරණාගම නායක ස්වාමින් වහන්සේ කියන්නේ මගේ ජීවිතේ අමතක නො වන හැරවුම් ලක්ෂයක් මට පෙන්වපු කළ්‍යාණ මිත්‍රයෙක්.
මේ වගේ එක බුදු පුතෙක් අපිට කොච්චර වටිනවද අපි වගේ එක්කෙනෙක්ට හරි මේ පාරට එන්න අත්වැල තැබීම ම ගැන කල්පනා කරලා බැලුවාම.
ඒ වචන අස්සෙන් මට ලැබිච්ච අවසාන සැනසීම හරි පුදුම සහගත දුර්ලභ එකක්.
එක වචනයකින් කොච්චර වෙනසක් කරන්න පුලුවන් ද ?
නායක ස්වාමීන් වහන්සේ අද වැනි දිනක අපවත් වුණේ. නිවන් සම්පත්ම ලැබේ වා 🙏
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 03.03.2024