Sujatha Puthra Meditation Center
Your Membership ID
ස්වකීය 26 වන ජන්ම දිනය යෙදී ඇති අද දිනයේ සැදැහැවත් කුල පුතෙකු විසින් දැක බලා පහන් සංවේගය උපදවාගත යුතු භාග්‍යවත් අප ගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකය අභියස පරිනිර්වාණ මුද්‍රාවෙන් සැතපෙන මහා වීරයාණන් වහන්සේ ගේ ප්‍රතිමා පා මුල එදා පරිනිර්වාණයට වඩින භාග්‍යවතුන් වහන්සේට පුක්කුස රජු විසින් පූජා කළාක් මෙන් ම වූ රන්වන් චීවරයක් පූජා කරන්නට අප ගේ ආදරණීය තිලංක මල්ලිට අවස්ථාව ලැබුණි..
එය ඔහු ගේ ජීවිතයේ අමතක නො වන උපන් දිනයක් වනු ඇත.
"ස්වාමීන් වහන්ස.. පහන් සංවේගය කියන්නෙ මොකද්ද කියලා අද තමයි හරියට දැණුනේ.." ඒ ඔහු ගේ වචන ය..
සංස්කාර වල අනිත්‍යය මනසිකාරය වන ලෝකයේ ඇති සංවේග ජනක ම ස්ථානය භාග්‍යවතුන් වහන්සේ ගේ අවසන් හුස්ම පොද ලෝ තලයට මුසු වූ භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණ මංචකය වේ. අද ද මල්ල රජදරුවන් ගේ උපවත්තන සාල වනෝද්‍යානයේ දී එම හැඟීමේ කිසිදු අඩුවක් නැත්තේ ය.
ඔහු මා වෙනුවෙන් කළ කී දෑ වල නිමක් නැත. ඔහුට කෘතගුණ දැක්වූවෙමි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 05.01.2024