top of page

පුණ්‍යානුමෝදනා කරන්නට තත්පර නොවෙමි..

පුණ්‍යානුමෝදනා කරන්නට තත්පර නොවන්නේ, ත්‍රිවිධ රත්නය විෂයෙහි ගෞරවාන්විත ප්‍රබල චිත්ත පරම්පරාවෝ, එහි සාන්දෘෂ්ඨික විපාක ඔබට හිමි කර දී ඇතැයි මම දන්නා නිසාවෙනි.


කෘතවේදීත්වය පිරි සිතකින් මේ සටහන තැබූවත්, මේ සියල්ලත් ඔබට බරක් පමණක් බවත් මම දනිමි.


ස්වකීය චිත්තය සහ එහි සුසංයෝග දිවි පැවත්ම ධර්මයෙන් පෝෂණය වීම නිසා ඔබ ගේ දිවි මග වැටී ඇති මාර්ගය මම දකිමි.


ධර්ම රසය දැනටමත් විඳින ඔබට එහි අවසානය දුර නොවන බව මා අමුතුවෙන් කිව යුතු නොවේ.


අවශ්‍ය සෑම කටයුත්තක දී ම ඉතා ම පෝෂණීය පරිසරයක් නිර්මාණය කරන අක්කටත් අයියටත්, පුංචි පැටවු ටිකටත් මාගේ විස්තෘත පවුල වීම ගැන කෘතගුණ වන්නේ, ධර්මයට ඇති උණුසුම් සැලකිල්ල නිසා පමණක් නොව, ඔබගේ සිත් වල පිරී ඇති මෘදු සිතිවිලි රටාවට ම ආවේණික, පැණබර හැසිරීමටත් පුණ්‍යානුමෝදනා කරමිනි.


මම ඔබේ කළ්‍යාණ මිත්‍ර, ස්වාමීන් වහන්සේ වෙමි..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 20.12.2023

Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page