top of page

සුජාත පුතුන් ගේ ආදරණීය අම්මා ☺️

සුජාත පුතුන් වහන්සේලාව කිසි දාක කුසගින්නේ නො තියන ආදරණීය පොඩි අක්කා.. #වාසනා..


ඇයට ඒ නම කොච්චර ගැලපෙනවාද කියලා මට තේරෙන්නෙත් දැන්.. ඇය සැබවින් ම හරි ම වාසනාවන්තියක්..


උතුම් සුජාත බුදු පුතුන් ගුණ සරු වෙන්නේ ඇය ගේ දෑතින් කුසගින්න ⁣නිවෙන්න පිළියෙල කරන උතුම් දානයෙන්..


දැන් ඇය ඇගේ සියළු වැඩ පසෙකලා, ඒ කටයුත්තට ම වෙන් වෙච්ච සුජාත මවක්.. සියළු සුජාත බුදු පුතුන් වහන්සේලා ගේ..


නිවන් සම්පත්තිය ම වේවා.. එතෙක් කළණ මිතුරු ඇසුර දුලභ නො වෙත්වා.. සද්ධර්ම ප්‍රතිලාභය දෙසවන් අභියසින් දුරු නො වෙත්වා..


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 13.11.2023

bottom of page