අනුවණ සමාජයකට හොඳ නරක කියා දීමට යෑම කාලය අපතේ යවා ගැනීමක් පමණි.
එනිසා සමාජයේ ඇති විෂම භාවයට විපාක ඔවුන්ට ම විඳ ගැනීමට අවකාශ තබමින් ඉතිරි ව සිටින පින්වන්තයන්ට විමුක්තිය දැක්වීම පමණක් ඉදිරි ගමනේ ආධ්‍යාශය කර ගනිමින් ජාතික කර්තව්‍යයට සමුදීමට තීරණය කළෙමි.
කැප කළ යුතු කොටස මා විසින් කැප කර අවසන් අතර, නුවණැත ්තන් ගෙන් මා ලද සම්මාන මඳකට පසෙකින් තබමි.
මන්ද මා අනුවණයන් ගෙන් ලත් දුර්ලභ සම්මානය වඩාත් ම ප්‍රිය කරන බැවිනි.
ඔවුන් ගෙන් මා ලද සම්මානය "ජාතිවාදියා" යන නම්බු නාමය යි. එය මා මේ ජීවිතයේ ලද වඩාත් ම ප්‍රිය කරන නම්බු නාමය වේ..
හදවතක් නිසල වීම ඔවුන් ගේ ජයග්‍රහණයක් වන නමුත් පණ තියෙන හදවතක් නිහඬ කර නවත්වා ගැනීම ඔවුන්ට හිමි වන පරාජයක් බව ඒ සමාජය කාලය හරහා වටහා ගනු ඇත..
ජාතික හැඟීම තිබූ පොත්වල බර නැවතත් ඒ රාක්ක යට නොදැනෙනු ඇත...
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 28.08. 2023
