top of page
නිරුවතින් ආ පටාචාරාට සලු පිලී දුන් දහමක..
සලු පිලී ගෙන වසා ගන්නට සොයාගෙන යන කත දැක..
අතින් ගසමින් නැවත සලු ඇද නිරුවතම ගෙන දෑතක..
රකින්නට යන දහම පුතුනි ඔබට අමතක වී ඇත..
කතුන් දෙදෙනෙක් දූෂණය කළ හාමුදුරු නම වැරදි ය..
දහම රක්නට ඒ හිමිව ගෙන හෙළුව පෙන්වා ලෝකෙට..
ඒ තමයි අපෙ බුදු දහම යැයි සසුන පසු බැස් වූ නුඹ..
රකින්නට ගියේ කුමන දහමද මදක් සිතලා බලමු ද ?..
සිද්ධාර්ථ කුමරුන්ට බැණ වැදි කෙලි පැටික්කියගේ නිරුවත..
අත් දෙකම ගෙන වසා ගෙන සිටි අයුරු නුඹලට මතකද ?
එදා නැති කට අදට පන්සල වෙතට ගෙන ගොස් ඇරිය ද ?
එතන සිටි අය අරන් බැලුවම උඹලගෙත් වෙනසක් නැත..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date:08.07.2023
bottom of page
