සියක් අවුරුදු කල්මරා..
උඩට ආවත් සඳ බලා..
විය ගසත් මා නෙතට ආ මුත්..
සඳ නොමැති විය රැස් දරා..
අහස් ගවුවම පාලුවෙන්..
අමාවක බව නෙත් දොරෙන්..
දැක බලා සමු දෙන්න ලෝකෙට..
නැවත කිමිදෙමි සමුදුරෙන්..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date:03.07.2023