top of page
සුජාත පුතුන් වහන්සේලා සමඟ මහා සෑ රදුන් වන්දනා කර ගත්තෙමි..
භාග්‍යවතුන් වහන්සේ පා මුල වැටී විදර්ශනා ඥාණයකින් යුක්ත ජීවිත යථාර්ථය කල්පනා කර බැලීමට කාලයක් ලැබීම නිර්වාණය සොයන බෞද්ධයන්ට මහත් ලාභයකි..
ධ්‍යානයක් ඇති අයෙක්ට මහා සෑ භූමියේ දී ධ්‍යාන සිත ස්පර්ශ කිරීමට කාලයක් ලැබීම තවත් එවැනි ම ලාභයකි..
තමන් ගේ ජීවිතය ප්‍රත්‍යවේක්ෂා කර බැලීමට ද මහා සෑ භූමිය ඉතාමත් ම සුදුසු පින් බිමක් වේ..
අධිෂිඨානයන් පිරිසිඳ බැලීමට ද, ඒ මඟෙහි ගමන් ගන්නේ ද යනුවෙන් සිතීමට ද බුදුන් පා මුල වැටුණාක් මෙන් ඇති මහා සැ මළුව තරම් වූ තවත් තැනක් කොයින් ලබන්න ද ?
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 17.06.2023
bottom of page
