top of page

පැවිදි වෙලා මුලින් ම වනාන්තරයක් ඇතුලට වැඩම කරපු කුටිය.. ඒක සවස හය වන විටත් දැඩි අන්ධකාරයක් පතුරවපු වනයක්..


ඕකේ ඇතුලෙ තිබ්බ රේඩියම් ඇටසැකිල්ල එක රැයක් ම මාව බය කළා අද වගේ මතකයි.. එතකොට මට වයස අවුරුදු 22ක් විතර ඇති..


රෑ එළිවෙනකම් ම ඔය කන්ද පැත්තෙන් සිවිලිමට ගොඩ වෙන අඩි හතක අටක විතර නයෙකුයි, උගෙන් බේරෙන්න වහලය පුරා ම දුවපු ම මී පැටියෙකුයි රෑ නො නිදා ඉන්න පුරුදු කළා මතකයි..


කුටියට වම් පැත්තෙන් ගලා වැටිච්ච දිය ඇල්ල සියුම් ශබ්ද අස්සෙත් සමාධි භාවනාවන් පුරුදු කරන්න උගන්වපු හැටිත් මතකයි..


රැයක් එලිවෙනකොට කුටිය පුරා ම වැටිලා ඉන්න මෙරුවො සවලෙන් අස් කරන්න පුලුවන් තරම් වෙද්දි, සංසාරය කියන එක කොච්චර භයානක එකක් ද කියලා ඉගැන්නුවා මතකයි..


විශාල කන්දක් උඩ තිබ්බ භාවනාවට අත් පොත් තියන්න හෙවණ වුණු පළවෙනි කුටිය..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 04.06.2023

bottom of page