top of page

"චන්දූපමා භික්ඛවේ, කුලානි උපසංකමථ, අපකස්සේව කායං, අපකස්සේව චිත්තං, නිච්චනවකා කුලේසු අප්පගබ්භා, සෙය්‍යථාපි භික්ඛවේ, ජරූදපානං වා ඕලොකෙය්‍ය පබ්බතවිසමං වා නදී විදුග්ගං වා අපකස්සෙව කායං අපකස්සේව චිත්තං, ඒවමේව ඛෝ භික්ඛවේ, චන්දූපමා කුලානි උපසංකමථ අපකස්සේව කායං අපකස්සේව චිත්තං කුලේසු අප්පගබ්භා."


“මහණෙනි කුලයන්ගෙන් කයත් ඉවත් කර ගෙන සිතත් ඉවත් කරගෙන මදක් පමණක් ඇතිව හැම කල්හි ආගන්තුක ව චන්ද්‍ර‍යා මෙන් ගිහියන් කරා එළඹෙව්. කුලයන්ගේ ප්‍ර‍ගල්භයෝ නො වව්. මහණෙනි, පාලු ළිඳකට හෝ පර්වතප්‍ර‍පාතයකට හෝ ගැඹුරු ගං ඉවුරකට හෝ නැඹුරු වී බලන්නේ එයට ඇද නො වැටෙනු පිණිස කයත් සිතත් ඉන් ඉවත් කර ගෙන පස්සට බර කර ගෙන යම් සේ බලන්නේ ද, මහණෙනි, එසේ කයත් සිතත් පස්සට රැගෙන චන්ද්‍ර‍යා මෙන් ගිහියන් කරා එළඹෙව්.”


වසර අටක් පිරෙන පැවිදි ජීවිතයේ හැමදාම පිළිපැදපු ලස්සනම කරුණ මේක..


බොහෝ දායකයන් මේකට අකමැතිව මං ගාවින් අයින් වුණත් මුළු ලෝකෙටම වඩා මං ආදරේ කරන එක දෙයක් මං ගාව අඩු නැතිව ඉතිරි වුණා..


ඒ තමයි # පැවිද්ද..


සැනසිලිදායක අනවජ්ජා සුඛය මුසු වුණු විවේකී සාරවත් පැවිද්ද..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 25.04.2023

bottom of page