top of page
ඇයි ආනන්ද ඔබ ඔය හැටි අඬන්නේ..
හැඬුවට කවුද ලොව නොමැරී සිටින්නේ..
මරණය සමගමය මිනිසා උපන්නේ..
බුදු වුන දා ඉඳන් මම මෙය කියන්නේ..
සසරේ නිසරු බව හොඳ හැටි උගත්ත..
තේරුම ලොවේ පවතින සැම දේ ඇත්ත
පැවසුවේ මම තුන් ලොව පවතින සත්ත..
ආනන්දයනි හිතන්න මේ දේ මත්ත..
ඇතිවන හැමදේම නැතිවී යන්නේ ය..
උපදින විටම මරණය පසු එන්නේ ය..
ඉක්මන් වෙන තරමට සුව දෙන්නේ ය..
සසරෙන් එතරෙටම යා හැකි වන්නේ ය..
දුක් කරදර පොදි බැඳගෙන අපි සැවොම..
සසරේ සැරිසරන හේතුව දන්නේ ද ?
එක හේතුවයි මා කිවුවේ සැමදාම..
'තණ්හාවය' එය මතකෙට එන්නේ ද ?
මගේ පිරිනිවන දුක අරගෙන එන්නේනම්..
එය අවබෝධ කර ගත හැකි වන්නේනම්..
දුක දැන ගන්න ඔබ හට පුළුවන් වේනම්..
එය අවබෝධ කරගනු අනඳය දැන්නම්..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 18.02.2023
bottom of page
