තරුණයන් විශාල වශයෙන් නරක පැති බොහෝමයකට යොමු වන කාලයක, මෙවන් දසුනක් දකින්නට ලැබීම සතුටක්..
ධර්ම මතයන් ගැන වෙනම කථිකාවක් සහ මතයක් තිබ්බත් උන්වහන්සේලාගේ සංවිධාන ශක්තියෙන් මෙම දරුවන්ව පන්සල ඇසුරට යොමුවීම දකින්නට ලැබෙන එකත් පුදුම සතුටක්.
මොකද දැන් වුණත් අපි ලඟ භාවනා කරන ශ්‍රාවකයො කියන කථාවක් "අපි මේ ධර්මයට යොමුවුණේ මහමෙව්නාව නිසා" කියන එක.. ඒ කථාව ඇත්ත. අපිට බණ කියන්න හරි, විදර්ශනාව කියලා දෙන්න හරි වේදිකාවක් තැණුනේ ඒ ස්වාමීන් වහන්සේලා වගේම අතීතයේ වැඩ සිටි සියලු ස්වාමීන් වහන්සේලා නිසා..
ඒ නිසා අපි ඒ කථාව හරිම සතුටින් අනුමෝදන් වෙනවා සහ ඒ කළගුණය දිගටම තියාගන්න කියන එකත් නිතරම මතක් කරනවා..
අදටත් සමහර ශ්‍රාවකයන් මහමෙව්නාවේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාට දානය දීලා ඇවිත් අපිටත් කථා කරනවා. කරලා පින් අනුමෝදන් කරනවා..
"අනේ උන්වහ න්සේලාට පින් සිද්ධ වෙන්න අපි ධර්මයට ආවා. ඔබ වහන්සේලාට පින් සිද්ධ වෙන්න ධර්මයේ හැසිරෙනවා කියලා.."
අපි ඇතැම් ධර්ම මතවාද වලට එරෙහිව කථා කළත් මේවගේ ලස්සන දේවල් දැකලා අපිත් සතුටු වෙනවා..
ඔබ වහන්සේලාගේ සසුන් කිස සඵල වේවා.. මේ දහස් ගාණක පින්වතුන් ද සසුන් සෙවණ දිගටම ලබත්වා..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 13.02.2023
