top of page
මේස්, හිසුවැසුම්, බැනියම්, සපත්තු, සෙරප්පු නැතිව ස්වභාවධර්මය හදපු ස්වභාවධර්මයම, තවත් එක් ස්වභාවධර්මයක් විසින්ම විඳෙනකොට දැනෙන්නේ ශීතයි මායි ජාති දෙකක් කියලා නෙවෙයි..
එකම ප්‍රවාහයක විවිධ ධර්මතා දෙකක් කියලා.. ඒක මේකට කරදරක් නෑ.. මේක ඒකට කරදරයක් නෑ..
ස්පර්ශ ප්රත්යයෙ න් ඇතිවන වේදනාව අයින් කිරීම හෝ වෙනත් කැමති දෙයක් සොයා ගන්නවට වඩා ලේසීයි ඕනෑම තැනකට නම්‍යශීලීව වර්ථමානය ගෙවන එක.. මේක සත්‍යයක්.. මම මේ මොහෙතෙත් විඳින..
එනිසා මගේ ජීවිත පොතේ ඉරන්න පිටු මට නෑ.. ගෙවන්න මිසක්..
ආපස්සට බල බල කියවන්න මට වෙලාවකුත් නෑ.. ඉස්සරහ පිටු වල ලියනවා මිසක්..
මේ වෙලාවේ London වල ශීත තත්වය කැමති කෙනෙත්ට පරීක්ෂා කරලා බලන්නත් පුලුවන්.. (10') දෙපට සිවුර දෙන ආරක්ෂාව කිසිම කබායක ගන්නත් බැරිව ඇති..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 03.11.2022
bottom of page
