"ස්වාමීන් වහන්සේ පරිස්සමෙන්.. කරදරයක් නොවේවා. ආපහු පරිස්සමෙන් වඩින්න.. ලෝකයක් ඔබ වහන්සේගේ පිළිසරණ හොයනවා.."
මේ විදේශ ගත වන බව දැන පැමිණි පණිවිඩ අතරින් කීපයක් ය..
බොහෝ සිත් සෙනෙහස මුසු ගෞරවයකින් බොහෝ දේ ලියා තැබුවත් සිත ඒ කිසිම ලෙන්ගතු ආරාධනාවක් පිළිගන්නට නොකැම ත්තෙන් පසුවන බව දුටිමි..
සිතට යථාර්ථය වැසීම මට කළ නො හැක්කකි..
ලෝකය සමග සිටින විටම ලෝකයා ගැන බලාපොරොත්තු හළ මම වළාකුළුවලටත් ඉහලින් සිට ලෝකයා දෙස බලා සිටින විට සිනහවකින් එය ප්‍රතික්ෂේප කරමි විනා එය ගැන අංශු මාත්‍ර බලාපොරොත්තුවක සිරවී නැත..
ස්කන්ධ වල පැවත්ම නැවත්ම කෙළවර කොට පවතින්නක් ය..
එයට විරුද්ධ වීමේ වුවමණාවක් සිතට දැන් නැත..
මාරය මේ ජිවිතය උඹේ ය.. උඹ කැමති මොහොතක එය ඇදිය හැකි ය..
උඹට එයින් ලෝකයට කඳුලක් දිය හැකි වනු ඇත ද, අපට කළ හැකි දෙයක් නම් නැත..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 02.11.2022
