top of page

ඒ මොහොත වන විට මධ්‍යම රාත්‍රියට ගත වී මිනිත්තු කිහිපයක් ගත වී තිබුණි..


නින්ද නොපැමිණියේ #සිතේ විඩා නැති බැවින් බව සිතමි..


චිත්ත විවේකය භජනය කරන භාවනාසනය වෙත පිය තැබුවේ විවේක චිත්තයේ ඇති නිරාමිස සැප වේදනාව අරමුණු කොට ගෙන ය..


ඈත බොහෝ දුරකින් යන්තම් ඇසෙන තබ්ලාවකට දෙන පහර සවනට වැකුණි..


ඒ අතරින් ඉඳහිට අලි වෙඩි හඬද දුරින් ඇසුණි..


කෙනෙකු මත් වතුරින් මත්ව සතුටක් සොයා එයින් තෘප්තිමත් වන්නට තබ්ලා හඬක් නගන මොහොතක තවත් අයෙක් ජීවිත භයෙන් තම හේන රැක හෙට දවසට යමක් සෙවීමට අලි සමග පොර බදිමින් සිටියෙමි..


දෙදෙනාගෙන් සිහිය ඇත්තේ කාටදැයි මට අසුනේ සිටම විමතියකි..


මේ දෙදෙනාම ඕලාරික වූ තාවකාලික සතුටක් සොයන මොහොතක, නිරාමිස සතුට භජනය කරමින් නාම රූප විකෘතියෙන් සිදු වන ලොව විපර්යාසය මනසින් දකිමින් සිටියෙමි.. කිසිදු සංස්කාරයක ගත යුතු හරයක් නම් නැති බව සක් සුදක් සේ දනිමි.. දකිමි..


මිනිසුන් මෙය කවදා තේරුම් ගන්නදැයි රැය පුරාම සිතුවෙමි.. ඔවුන්ට මෙය තේරුම් ගැනීමට ඤාණය ඉපදිය

යුතු ය. මා ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතු ය.. මා වැන්නෙක්ගේ උපකාර නැතිව ඔවුන් කෙලෙසක එය කරන්න ද ? මේ යුගයේ බුදු රජාණන් වහන්සේගේ පණිවිඩකරුවා බවට පත් වෙමි.. මතු දිනක ඔවුන්ව සසර කතරෙන් එතෙර කිරීමට එය මට පාරමිතාවක් වනු ඇත..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero


bottom of page