Sujatha Puthra Meditation Center
Your Membership ID
අදට පැවිදි දිවියට වසර පහකි.. මින් හරියටම වසර පහකට පෙර අද වන් දිනක පැවිදි බිමට පත්වුණෙමි.. ඒ 2015-04-25 වන දින ය.. එවිට මා 22 හැවිරිදි තරුණයෙකි..
හැමදේම අද වගේ මතක ය.. වචන කළ නොහැක.. එදා මම රෑ පුරා සිවුර පිරිමැද පිරිමැද සිටියා විනා නින්දකටවත් වැදුණේ නැත..
පැවිදි දිවියට අවසර දුන් මවත්, ඊට පාර පෙන් වූ පියණන් ඇතුලු සහෝදරියන් සියලු දෙනාටමත් දෙවුර වසන්නට කියා දුන් පින්බර කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ පටන් පැවිදි දිවිය සරු කළ සියලු ගුරුදේවෝත්තම වරුන්ටත් හදවතින් පුන්‍යාණුමෝදනා පූර්වක වෙමි..
"පැවිද්ද නම් අහෝ සුවයකි..
කුරුළු හඬ මැද, තුරුවැල් ම අතර, මනුෂ්‍යවාසයෙන් වෙන් ව, හුදකලාව සමග වැඩ වසමි..
හුදකලාව සුව එළවන්නේ, අරමුණු වලින් හෝ පෝෂණය කිරීම් වශයෙන් සිත ගත වෙහෙසක් නැත්තේ කාය,චිත්ත,වේදනා, ධම්ම යන සතර ලෝක ධර්මතාවයන් අනුව ගිය සිහිය ඇත්තේ ඒවාගේ විකෘතියෙන් වන කම්පනය විම් වලින් නො සෙලවෙන සිතක් සමග වැඩ වසමි..
මා හට මේ තරමක් සුවයක් ලබා දුන් තථාගත භාෂිතය ලොවට ඉතිරි කිරීමට, සමීප කිරීමට පමණක් ආමිෂ රහිත බලාපොරොත්තුවක් පමණක් ඇත.
ඒ කුසලයෙන්ය මක් ලැබෙන දවසත් ඇත් ද, ඒවා ද මාගේ ප්‍රයෝජනයට නො තබා එයින් ද දිනක ලෝ සතුන් පමණක් ම සුවපත් කරන්නෙමි..
මා ලබන සුව ඔවුන් ද ලැබිය යුතු වෙත්..
එබැවින් ඔවුන්ව මේ දහමේ සතපවන්නට යැයි සිතමින් මාගේ සැතපීම මා විසින් කැප කර ඇත්තෙමි.. එයින් මා තෘප්තිමත් වෙමි"
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 25.04.2020