top of page
කෙටියෙන්ම හැමදේම..
අැනෙන ඇත්තන්ට ඇනෙත්වා.. රිදෙන ඇත්තන්ට රිදෙත්වා.. හැදෙන ඇත්තෝ හැදෙත්වා..
නා හිමිට ලියමි
කොතැනත් එකයි නායකයෝ බලු වීය
සාසනයටයි හෙල රටටයි කෙල වීය
කල හැකි අන් යමක් නොම ැතිව දුක් වීය
එහෙයින් මෙය ලියන්නට මට සිදු වීය
හොර තක්කඩින් දෙන දානය නො වලඳානු
ගොටු අල්ලමින් උන් පසු පස නොම වඩිනු
අමන දනගෙ අටපිරිකර පිලි නො ගනු
එන එන පරයින්ට සෙත් සිරි නොම පතනු
වට අතු රැගෙන ගෙන් ගෙට ගොස් බණ දෙසනු
සීතල සුවඳ කුටියෙන් එලියට වඩිනු
නා හිමි වරුණි සඟ රජවත දිග හරිනු
නා හිමි වරුණි බුදු සසුනට වැඩ කරණු
බුදු හිමියන්ට නොතිබුණු මහනායක කම්
සැරියුත් හිමිට නොතිබුණු අනුනායක කම්
අතහැර දමා දුරලා බොරු මහ ලොකු කම්
යුතුකම් කරණු හිමි ඔබ බුදු පුතෙක් නම්.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 07.06.2019
bottom of page
