top of page

පැවිදි වන්නට සිතා පස් වසකි.. පැවිදි වී සිව් වසකි.. උපසම්පදා වී තෙවසකි.. අහෝ සැපයක් නේද ? අහෝ සැපයකි.. අහෝ සැපයකි..

පැවිදි දිවියේ සිවු වසරක් පිරෙන අද මේ පැවිද්ද ගැන, මේ උතුම් දිව්ය ගැන, මේ චීවරයේ සනීපය ගැන, දුක් පීඩා වලින් තොර බව හඬ ගගා කියන්නට ලෝ වැසි ඔබ සැමට ඇතත් මට කැමත්ත...


දනිමි අද දිනය නොවන බව උජාරුවෙන් වණන්නට විරාගි සුව ගැන, නිරාමිස සැප ගැන..


මොකද ඔබ අපි සැම මව් දූෂණය වන නියා දැක කම්පාවෙන් බලා සිටින්නෙ වෙනත් අතක් දිහා නොව..


ඒ සෑම මොක වුණත් දන්නවද පුතේ නුඹ..


කළු කෙස් ඇති කළම ඒවා ගා දාමා පැවිදි දිවියට පත්වුණෙමි..


මේ උතුම් දිවි පෙවත පුදුම සැප සහිත බව, දුක් පීඩා වලින් තොර බව, තැවිලි නැති දැවිලි නැති ලෝකයේ යම් තැනක් උතුම් නිවනින් මෙහා වේ ද එයම උතුම් පැවිද්දම මිස ⁣අන් තැනක් ඇතිද ලොව..


පැවිදි වන්නට සිතා පස් වසකි.. පැවිදි වී සිව් වසකි.. උපසම්පදා වී තෙවසකි.. අහෝ සැපයක් නේද ? අහෝ සැපයකි.. අහෝ සැපයකි..


ඒ මේ දිවිය තුල කළ කුසල් ප්‍රමාණකළ නොහැක.. වැඩූ කුසල් ප්‍රමාණ කළ නොහැක.. කී බණ පද  අහෝ කොයිද ඒවාට සීමාවක්..


පැවිදි වන්නට ජීවිත පාඩම කියාදුන් පින්වන්ත පියාණන්ටත්, මා සසුනට පූජා කළ මෑණියන් සහ සහෝදරියන්ටත් පැවිදි දිවිය හා බුදු දහම නිසි ලෙස පෙවූ උතුම් ගුරු උතුමාණන්ටත්, පැවිදි දිවියේ වටිනාම ආභරණ පැළන්දූ එම කළ්‍යාණ මිත්‍ර උතුමන්ටත්, පැවිදි දිවියෙ පිය සෙනහස ලබා දෙන Panamure Thilakawansha නායක මා හිමි උතුමාණන්ටත්, සහෝදර සියලු භික්ෂුන් වහන්සේලාටත් එදා පැවිදි වූ මුල් කල දායකයන් වශයෙන් රැක බලාගත් මහව ඉහලගම පින්වතුන්ටත්, දොඩම්තලාව ඇසුරු කරගෙන වාසය කරන සියලු ගිහි පින්වතුන්ටත්... මුහුණු පොත වගේ ම තවත් තැන් වලින් අපත් සමග කළ්‍යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන සෑම ⁣පින්වත් සහෝදර සහෝදරියන්ටත්, මව් පියවරුන්ටත්...


වර්ථමානයේ මව් පිය සෙනෙහස, සහෝදර සෙනහස නොඅඩුව ලබා දෙමින් රැකවරණය දෙන #ලස්සනගම_ගම්මානයේ සෑම පින්වත් අම්මෙක්ටමත් තාත්තෙක්ටමත්, සහෝදර සහෝදරියන්ටත් මා විසින් සිදු කළ සියලු කුසල් අනුමෝදන් වේවා... පැතූ බෝධියකින් සුව සේම සංසාර දුක්ගිනි නිවේවා..


මේ කුසල් ඒ සඳහා වූ පාරමිතාවක්ම වේවා..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 25.04.2019

Designed by Sujatha Puthra Meditation Center

bottom of page