ජීවිතයේ සොඳුරුම පාඩම කියා දී අදින් වසර පහකට පෙර මිනිසත් බව යන තාවකාලික නවාතැන්පලින් නික්මුණු පින්බර පියාණනි.. ඔබේ නික්මයාම දරාගත නොහැකිවම මරණය නැමැති වේදනාකාරී අත්දැකීමෙන් මිදෙන මග මම සෙව්වෙමි.. අවසානයේ එය මනාව ලදිමි.. නමුත් ඔබේ පුතු බුදු පුතෙක් වන සැටි නොදැකම ඔබ නික්මුණෙමි.. ඔබ නිසා ලද චීවරය අදත් ඔබ වෙනුවෙන් පුරා පැය ගණනක් අපරිමිත බුදු ගුණ වර්ණනාවකට සූදානම්..
මා මේ ජීව්තයේ කළ සියලු කුසලයෝ ඔබට අනුමෝදන් කරමි.. අනුමෝදන් විය හැකි තැනක ඇත්නම් මේ සියලු කුසලයෝ ඔබේ සංසාර ජීවිතය සුවපත් වීම පිණිසම පවතීවා.. පැතූ බෝධියකින් ඉක්මන් භවයක මේ ඝෝර කටුක භයානක සසර නිමකොට බණ පද දෙකක් ඇහෙනකොට උතුම් නිර්වාණය සුව සේ ම සාක්ෂාත් වීම පිණිස මේ සියලු කුසල ධර්මයෝ පින්බර ඔබට පාරමිතාවක්ම වේවා.. පාරමි දම් පිරේවා...
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 10.03.2019
