top of page
එදා අපිට උරුමව තිබූ උරුමයක අරුමය අද නැවත ගමට උරුම කර දීමට වෙර දරන අතරතුර, සිප් සතර තක්සලාවට පිය නගන ජාතියේ මුතු කැටයක් පළමු වරට අකුරු කරවු බව මෙත් සිතින් ලියන්නෙ භික්ෂුව සිල් ගුණවත්ව වාසය කරන්නේ නම්, තවමත් භික්ෂුව මූලික කරගත් බෞද්ධ සංස්කෘතිය අප මිනිසුන් තුළ නොනැසී පවතින බව සිහිපත් කිරීමට මෙන් ම පුංචි පුතු වෙත ආශිර්වාද එක්කරනු පිණිස ය..
රට දැය සමය වෙනුවෙන් හිතැති සියල්ලෙන් පිරිපුන් උතුම් බොදු පුතෙකු වේවා.. සසර දුක් ගිනි නිවේවා.. මිනිසත් බවයෙහි පරම නිෂ්ඨාව නෙළා ගැනීමට කුසල් දහම් පිරේවායි මෙත් සිතින් පතමි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 18.01.2019
bottom of page
